පසුගියදා අභාවප්රාප්ත වූ ප්රවීණ හොලිවුඩ් නිළි ෂෙලී ෆැබරස්ගේ මරණයට සැබෑ හේතුව ඇයගේ පවුලේ අය විසින් තහවුරු කර තිබෙනවා. ඇය වසර ගණනාවක් තිස්සේ ස්වයං ප්රතිශක්තිකරණ හෙපටයිටිස් (autoimmune hepatitis) රෝගයෙන් පීඩා විඳි අතර, මීට වසර 26කට පෙර ඇයට අක්මා බද්ධ කිරීමක් ද සිදු කර තිබුණා. අවසානයේදී ඇය මියගොස් තිබෙන්නේ නියුමෝනියා තත්ත්වය හේතුවෙන් බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. 1944 වසරේ සැන්ටා මොනිකාහි උපත ලැබූ ඇය, හොලිවුඩ් සිනමාවේ සහ රූපවාහිනියේ අමතක නොවන චරිත රැසකට පණ පෙවූ දක්ෂ නිළියක්.
ෂෙලී ෆැබරස් සිය රංගන දිවිය ආරම්භ කරන්නේ 1950 දශකයේ මැද භාගයේදීයි. ‘ද ඩොනා රීඩ් ෂෝ’ (The Donna Reed Show) හරහා ජනප්රියත්වයට පත් ඇය, එල්විස් ප්රෙස්ලි සමඟ චිත්රපට කිහිපයකම රඟපෑවා. පසුව ‘කෝච්’ (Coach) නම් ජනප්රිය ටෙලි කතා මාලාවේ ක්රිස්ටීන් ආම්ස්ට්රෝංගේ චරිතය නිරූපණය කරමින් ඇය විශාල ප්රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තා. මෙම චරිතය වෙනුවෙන් ඇය අඛණ්ඩව වසර දෙකක් එමි සම්මාන සඳහා නිර්දේශ වීමටත් සමත් වුණා. වසර ගණනාවක් පුරා විවිධ රූපවාහිනී කතා මාලා සහ චිත්රපටවල රඟපෑ ඇය, පසුකාලීනව හඬ කැවීම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කළා. ඇයගේ වියෝව හොලිවුඩ් සිනමාවට විශාල පාඩුවක් වන අතර, ඇය රඟපෑ චරිත රසිකයන්ගේ මතකයේ තවමත් රැඳී පවතිනවා.

Discussion & Feedback