ඉන්දියාවේ ප්‍රකට ලේඛකයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ශෂී තරූර් මහතාගේ සහභාගීත්වයෙන් ‘කොළඹ සාහිත්‍ය උළෙල 2026’ පසුගිය සිකුරාදා (24) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර ත්‍රිභාෂා සාහිත්‍ය උළෙල ලෙස මෙය හැඳින්විය හැකියි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තාසාර් මහත්මිය ඇතුළු පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනටම සමාන තැනක් ලබා දෙමින් සංවිධානය කර ඇති මෙම උළෙල ජූලි 29 වැනිදා දක්වා දින හයක් පුරා පැවැත්වෙනවා.
මෙම සාහිත්‍ය උළෙල සාමාන්‍ය පොත් ප්‍රදර්ශනයකට වඩා එහා ගිය අත්දැකීමක් ලෙසයි සංවිධායකයින් හඳුන්වන්නේ. දේශීය සහ විදේශීය ලේඛකයින්, කවියන්, විචාරකයින් සහ කලාකරුවන් රැසක් මෙහිදී එකම වේදිකාවකට එක්වනවා. උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව පවතින මෙම උළෙල තුළ සාහිත්‍ය සාකච්ඡා, පොත් එළිදැක්වීම්, නිර්මාණාත්මක වැඩමුළු, චිත්‍රපට දර්ශන සහ සංගීත ප්‍රසංග ඇතුළු විවිධ වැඩසටහන් රැසක් අත්විඳින්න පුළුවන්. ශ්‍රී ලාංකේය සාහිත්‍යය ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණින් සංවිධානය කර ඇති මෙම උළෙලට වයස් භේදයකින් තොරව සාහිත්‍යයට ආදරය කරන ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒ නිසා සාහිත්‍ය රසිකයින්ට මෙය ඉතා වටිනා අවස්ථාවක් වේවි.

Discussion & Feedback