අපේ සූර්යයාගේ මතුපිට මෙතෙක් ලබාගත් ඉතාමත් පැහැදිලි සහ ඉහළ විභේදනයකින් යුත් ඡායාරූපය ලබාගැනීමට විද්යාඥයින් කණ්ඩායමකට හැකි වෙලා තියෙනවා. ඇමරිකාවේ ජාතික විද්යා පදනමට අයත් ‘ඉනූයි සූර්ය දුරේක්ෂය’ (Inouye Solar Telescope) භාවිතා කරමින් තමයි මේ විශ්මිත දසුන පටිගත කරගෙන තියෙන්නේ. මේ පර්යේෂණය සඳහා ජාතික සූර්ය නිරීක්ෂණාගාරය, ජාතික මධ්යම පර්යේෂණාගාරය සහ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනය එකතු වෙලා වැඩ කරනවා. මේ ඡායාරූපය හරහා සූර්යයාගේ අභ්යන්තර ක්රියාකාරිත්වය ගැන අලුත් තොරතුරු ගොඩක් දැනගන්න ලැබිලා තියෙනවා.
විශේෂයෙන්ම සූර්යයාගේ මතුපිට ඇති චුම්භක ක්ෂේත්ර ආශ්රිතව සිදුවන අමුතු ආකාරයේ කැරකෙන රටා විද්යාඥයින් විසින් නිරීක්ෂණය කරලා තියෙනවා. මේවා ‘කෙල්වින්-හෙල්ම්හෝල්ට්ස් අස්ථාවරත්වය’ (Kelvin-Helmholtz instability) ලෙස හඳුන්වනවා. ද්රවවල වේගය වෙනස් වන විට ඇතිවන මේ තත්ත්වය සූර්යයා මත සිදුවන බව මීට පෙර අනුමාන කළත්, මෙවැනි පැහැදිලි දසුනකින් එය තහවුරු කරගත්තේ පළමු වතාවටයි. මේ සොයාගැනීම සූර්ය ප්ලාස්මා වල ගතිකත්වය සහ පරිණාමය තේරුම් ගැනීමට ලොකු පිටුවහලක් වෙනවා කියලා ජාතික සූර්ය නිරීක්ෂණාගාරයේ නියෝජ්ය අධ්යක්ෂ ඩේවිඩ් බොබෝල්ට්ස් පවසනවා. මේ පිළිබඳ සම්පූර්ණ පර්යේෂණ වාර්තාව ‘නේචර්’ (Nature) විද්යා සඟරාවේත් පළ කරලා තියෙනවා.

Discussion & Feedback