ලොව පුරා බොහෝ දෙනෙක් ආදරය කරන ‘ජෙපර්ඩි’ (Jeopardy!) රූපවාහිනී වැඩසටහනේ හත් වතාවක් ජයග්රාහිකාව වූ කෝට්නි ෂා පසුගිය අඟහරුවාදා අභාවප්රාප්ත වෙලා. ඇය මිය යන විට 52 වැනි වියේ පසු වුණා. ඇය මිය ගියේ මොළයේ පිළිකා රෝගයක් සමඟ දීර්ඝ කාලයක් සටන් කිරීමෙන් පසුව බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. ඇය සේවය කළ විද්යාලය විසින් මේ කනගාටුදායක පුවත තහවුරු කර තිබෙනවා.
කෝට්නි ෂා 2021 වසරේදී ජෙපර්ඩි වැඩසටහනේ අඛණ්ඩව ජයග්රහණ හතක් ලබා ගනිමින් ඇමරිකානු ඩොලර් 118,558ක මුදලක් දිනා ගැනීමට සමත් වුණා. ඉන්පසුව පැවති ‘ටූනමන්ට් ඔෆ් චැම්පියන්ස්’ තරගාවලියටත් ඇය සහභාගී වුණා. ඇය වොෂින්ටන්හි ලෝවර් කොලොම්බියා විද්යාලයේ ඇමරිකානු සහ ලෝක ඉතිහාසය උගන්වන කථිකාචාර්යවරියක් ලෙස සේවය කළා. ඇයගේ ජීවිතය සැමරීම සඳහා විශේෂ උත්සවයක් අගෝස්තු 10 වැනිදා එම විද්යාලයේ රෝස් මධ්යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

Discussion & Feedback