උතුරු සයිප්රසයේ කයිරේනියා වෙරළ තීරයට ඔබ්බෙන් මගී ප්රවාහන යාත්රාවක් පෙරළී යාමෙන් ඛේදජනක සිදුවීමක් වාර්තා වෙනවා. මේ වන විට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 23 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා. මෙම යාත්රාව තුර්කිය බලා ගමන් ආරම්භ කර තිබුණේ මගීන් 259 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ අට දෙනෙකු සමඟයි. අයහපත් කාලගුණය හේතුවෙන් ගමන ප්රමාද වී තිබූ අතර, මුහුදේදී හමා ආ දැඩි රළ පහරවල් දෙකක් නිසා යාත්රාව පෙරළී ගොස් ජලයෙන් පිරී යාම මෙම අනතුරට හේතු වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.
අනතුර සිදු වූ වහාම ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, තුර්කි බලධාරීන්ගේ සහයද ඊට ලැබී තිබෙනවා. හෙලිකොප්ටර් යානා සහ වෙරළාරක්ෂක බෝට්ටු යොදාගෙන අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙනවා. මේ වන විට මගීන් 100 දෙනෙකු පමණ ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබෙනවා. යාත්රාවේ නියමුවා සහ කාර්ය මණ්ඩලය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. වරදකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව උතුරු සයිප්රසයේ අගමැතිවරයා ප්රකාශ කර තිබෙනවා. මේ වන විට යාත්රාව සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී ඇති අතර, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා.

Discussion & Feedback