ඉතියෝපියාවේ පවතින අගමැති අබි අහමඩ්ගේ රජය බලයෙන් පහ කිරීමේ අරමුණින් එරට ප්‍රධාන කැරලිකාර කණ්ඩායම් හතක් එක්ව නව සන්ධානයක් පිහිටුවා තිබෙනවා. ‘Alliance for Survival’ ලෙස නම් කර ඇති මෙම සන්ධානයට අම්හාරා කලාපයේ ෆානෝ සටන්කාමීන්, ඔරොමෝ විමුක්ති හමුදාව සහ ටිග්රේ මහජන විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් කිහිපයක් ඇතුළත්. රට තුළ පවතින යුද්ධය, ජන සංහාරය සහ දරිද්‍රතාවයට වත්මන් රජය වගකිව යුතු බව පවසන මෙම කණ්ඩායම්, රටේ ස්වෛරීභාවය සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි ප්‍රකාශ කරන්නේ.
ඉතියෝපියාවේ ප්‍රාන්ත දොළහෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන මෙම කණ්ඩායම්, රජය විසින් මීට පෙර අත්සන් කළ සාම ගිවිසුම් පවා උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරනවා. විශේෂයෙන්ම ටිග්රේ කලාපයේ පැවති සිවිල් යුද්ධයෙන් පසු යළිත් ගැටුම් උත්සන්න වීමේ බියක් පවතින අතර, මෙම නව සන්ධානය මගින් රටේ ජනවාර්ගික කණ්ඩායම් අතර සමගිය ඇති කරමින් ප්රජාතන්ත්රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත්, රජය තවමත් මෙම නව සන්ධානය සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ. අගමැති අබි අහමඩ් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට කිසිදු බියක් නොමැති බවයි. කෙසේ වුවත්, මෙම නව වර්ධනයත් සමඟ ඉතියෝපියාවේ දේශපාලන අස්ථාවරත්වය තවත් උග්‍ර වනු ඇති බවට ජාත්‍යන්තර නිරීක්ෂකයින් අනතුරු අඟවනවා.

Discussion & Feedback