සේවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයන් විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කර්මාන්ත ශාලාව තවදුරටත් වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කරලා තියෙනවා. පසුගිය දින කිහිපයේම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නිසි ලෙස පවත්වාගෙන යන්න බැරි වුණා. අගෝස්තු 25 වැනිදා සේවකයන් වැඩට වාර්තා කළත්, නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක වුණේ නැහැ. පසුව නිවාඩු දිනවලදීත් කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න උත්සාහ කළත් එය අසාර්ථක වීම නිසා, කිසිදු නිෂ්පාදනයක් සිදු නොවී වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන පාඩුව වළක්වා ගන්න පාලනාධිකාරිය මේ තීරණය අරන් තියෙනවා.
මේ අතර, සීනි ප්‍රවාහනය කරන ලොරි රථවලට බාධා කිරීම් සහ අත්‍යවශ්‍ය මෙහෙයුම්වලට බාධා එල්ල වීම නිසා ආයතනයේ ආදායමටත් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. කෙසේ වෙතත්, සේවකයන්ගේ වැටුප් ව්‍යුහය සහ සේවක ගැටලු විසඳන්න පාලනාධිකාරිය මේ වන විටත් වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. කිසිදු සේවකයෙකුගේ වැටුපක් අඩු නොකර නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. කම්කරු දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය දැනුම් දීලා තියෙනවා.
මේ කර්මාන්ත ශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ විශාල පිරිසකගේ රැකියා සමඟ සෘජුවම සම්බන්ධ වෙලා තියෙන නිසා, වහාම බාධා කිරීම් නතර කරලා සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට සහයෝගය ලබා දෙන්න කියලා පාලනාධිකාරිය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback