Xbox Game Pass පාවිච්චි කරන අයට මේ සැප්තැම්බර් මාසය ටිකක් අමාරු මාසයක් වෙන්න යනවා. මොකද සැප්තැම්බර් 15 වෙනිදා ඉඳන් ජනප්රිය ක්රීඩා 11ක්ම මේ සේවාවෙන් ඉවත් කරන්න මයික්රොසොෆ්ට් ආයතනය තීරණය කරලා තියෙනවා. මේ අතරට Dead Cells, Frostpunk 2, Spiritfarer සහ Superliminal වගේ ගොඩක් දෙනෙක් ආස කරන ක්රීඩා ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම Cyberpunk 2077 වගේ ලොකු ක්රීඩාවක් මේ විදිහට මාස කිහිපයකින් ඉවත් වෙන්න තීරණය කිරීම ගේමර්ස්ලාට ලොකු පාඩුවක්. ඔයාලා මේ අතරින් මොනවා හරි ක්රීඩාවක් ප්ලේ කරනවා නම්, ඒක ඉවර කරන්න තව තියෙන්නේ දවස් කිහිපයක් විතරයි.
හැබැයි ඉතින් මේ ගැන වැඩිය හිතලා දුක් වෙන්න එපා. මොකද මේ ක්රීඩා ඉවත් වුණාට අලුතින් තවත් ගේම්ස් ගොඩක් මේ මාසෙ පුරාවටම එකතු වෙන්න නියමිතයි. දැනටමත් Speedrunners 2 වගේ ක්රීඩා එකතු වෙලා තියෙනවා වගේම, ඉදිරියේදී Call of Duty: Black Ops Cold War වගේ තවත් සුපිරි ක්රීඩා කිහිපයක්ම Game Pass එකට එකතු වෙන්න තියෙනවා. ඉතින් ඔයාලා දැනට ප්ලේ කරන ක්රීඩාවක් ඉවත් වෙනවා නම්, ඒක ඉක්මනින්ම ඉවර කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම අලුතින් එන ක්රීඩා මොනවද කියලා බලාගෙන ඉන්න එකත් වටිනවා.

Discussion & Feedback