රුසියාවේ එෆ්.එස්.බී (FSB) බුද්ධි අංශය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු වූ යුක්රේනයේ ඉහළ පෙළේ බුද්ධි අංශ නිලධාරියෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙලා තියෙනවා. කර්නල් දිමිත්‍රෝ කොසියුරා නම් මෙම නිලධාරියා යුක්රේන ආරක්ෂක සේවයේ (SBU) ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙක්. මොහු යුද නීතිය යටතේ රාජ්‍ය ද්‍රෝහී වීම සහ අවි ආයුධ අවභාවිතය සම්බන්ධයෙන් වරදකරු කර තිබෙනවා. 2018 වසරේදී වියානාහිදී රුසියානු බුද්ධි අංශ විසින් මොහුව බඳවාගෙන ඇති අතර, පසුව මුදල් වෙනුවෙන් යුක්රේනයේ හමුදා රහස් සහ දේශපාලන නායකයින් පිළිබඳ තොරතුරු රුසියාවට ලබා දී ඇති බවයි අනාවරණය වෙලා තියෙන්නේ.
යුක්රේන බුද්ධි අංශ විසින් ‘මීයා’ නමින් නම් කළ මෙහෙයුමක් මගින් මොහුගේ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් නිරීක්ෂණය කර තිබෙනවා. කීව් නුවර පිහිටි රහසිගත නිවසක සිට රුසියානු හසුරුවන්නන් සමඟ සම්බන්ධ වෙමින්, යුක්රේන හමුදාවේ ගමන් මග සහ රුසියානු ප්‍රහාරවලින් සිදුවූ හානි පිළිබඳ තොරතුරු මොහු විසින් රහසිගතව ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, මොහු අත්අඩංගුවට ගැනීමට පෙර යුක්රේන බුද්ධි අංශ විසින් මොහු හරහා රුසියානු හමුදාවට අසත්‍ය තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා දෙමින් ඔවුන්ව නොමඟ යැවීමටත් කටයුතු කර තිබීම විශේෂත්වයක්. යුක්රේන නීතිපතිවරයා පවසන්නේ, රටේ ආරක්ෂාව වෙනුවෙන් දිවුරුම් දුන් නිලධාරියෙකු මෙවැනි ද්‍රෝහී ක්‍රියාවක නිරත වීම කිසිසේත්ම සමාව දිය නොහැකි වරදක් බවයි.

Discussion & Feedback