මේ දවස්වල බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගෙන ඔවුන්ව සමාජයෙන් කොන් කරන්න සහ අපකීර්තියට පත් කරන්න විශාල උත්සාහයක් යනවා කියලා ශාසනාරක්ෂක සංඝ සභාවේ විධායක සභික පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් අනතුරු අඟවනවා. කොළඹ පැවැත්වුණු ‘සුඛ සංඝස්ස සාමග්ගී’ සංඝ සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මේ ගැන අදහස් දැක්වූයේ ඉතාමත් බැරෑරුම් විදිහටයි. සංඝයා වහන්සේලා එකමුතු වෙනකොට ඒක දරාගන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ අය නිතරම උත්සාහ කරන්නේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිරූපය විනාශ කරලා සමාජය තුළ උන්වහන්සේලාට තියෙන ගෞරවය නැති කරන්නයි.
විදේශීය බලවේගවලින් ලැබෙන මුදල් සහ මතවාද මත යැපෙන පිරිස් මේ පිටුපස ඉන්නවා කියලා සිරිසුමන හිමියන් චෝදනා කරනවා. මේ අය රටේ සංස්කෘතියට සහ බුද්ධ ශාසනයට විරුද්ධව වැඩ කරනවා. මේ තත්ත්වය දිගටම පැවතුනොත් තව අවුරුදු දෙක තුනකින් භික්ෂූන් වහන්සේලාට පාරේ බැහැලා යන්නවත් බැරි තත්ත්වයක් උදාවෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන නිහඬව ඉන්න බැහැ කියලා උන්වහන්සේ අවධාරණය කළා. අපි ආණ්ඩු පෙරලන්න හදනවා නෙවෙයි, නමුත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම රජය සතුයි. ඒ වගකීම ඉටු කරන්න කියලා බලකරන්න සංඝයා වහන්සේලා හැටියට අපි එකමුතු වෙන්න ඕනේ කියලයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

Discussion & Feedback