දැන් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මහාමාර්ගවල ස්වයංක්‍රීයව ධාවනය වන ට්‍රක් රථ අත්හදා බැලීම් නිල වශයෙන් ආරම්භ වෙලා තියෙනවා. මේ සඳහා ‘Aurora Innovation’ සහ ‘Kodiak AI’ කියන සමාගම් දෙකට කැලිෆෝනියා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසරයක් ලැබිලා තියෙනවා. මීට කලින් මේ වගේ බර වාහන මහ පාරේ ධාවනය කිරීම තහනම් කරලා තිබුණත්, පසුගිය අප්‍රේල් මාසයේදී ගෙනාපු නව නීති රීති නිසා දැන් මේ සමාගම්වලට ඔවුන්ගේ තාක්ෂණය පරීක්ෂා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දැනටමත් Kodiak සමාගම ඔවුන්ගේ ට්‍රක් රථ කිහිපයක් මාර්ගයට දාලා වැඩ පටන් අරගෙන ඉවරයි.
මේ අත්හදා බැලීම් කරනකොට ආරක්ෂාව ගැන ගොඩක් දේවල් සැලකිල්ලට අරගෙන තියෙනවා. ඒ අනුව, ට්‍රක් රථය ස්වයංක්‍රීයව ගියත් රියදුරු අසුනේ අනිවාර්යයෙන්ම මනුස්සයෙක් ඉන්න ඕනේ. ඒ වගේම පැයට සැතපුම් 25කට වඩා අඩු වේග සීමා තියෙන පාරවල්වල මේවා ධාවනය කරන්න බැහැ. කොහොම වුණත්, මේ වැඩේට විරුද්ධ පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන්ම ‘Teamsters California’ වෘත්තීය සමිතිය මේ ගැන නඩු පවරා තියෙන්නේ, මේ වගේ ට්‍රක් රථ නිසා ආර්ථිකයට සහ මහජන ආරක්ෂාවට වෙන්න පුළුවන් බලපෑම් ගැන රජය හරියට හොයලා බලලා නැහැ කියන චෝදනාව මතයි.
කැලිෆෝනියාවේ මේ නීති ලිහිල් වුණාට, මේ සමාගම් දෙකම මීට කලින් ඔවුන්ගේ වැඩිම පරීක්ෂණ කටයුතු කළේ ටෙක්සාස් ප්‍රාන්තයේ. මොකද එහේ මේ වගේ බර වාහන ධාවනයට තිබුණේ මීට වඩා හිතකර පරිසරයක්. කොහොම වුණත්, දැන් කැලිෆෝනියාවෙත් මේ තාක්ෂණය දියුණු කරන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා, ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්රයේ ලොකු වෙනසක් බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි තාක්ෂණික ලෝකය කියන්නේ.

Discussion & Feedback