දැන් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මහාමාර්ගවල ස්වයංක්‍රීයව ධාවනය වන දැවැන්ත ට්‍රක් රථ පරීක්ෂණ කටයුතු නිල වශයෙන් ආරම්භ වෙලා තියෙනවා. මේ සඳහා ‘Aurora Innovation’ සහ ‘Kodiak AI’ කියන සමාගම් දෙකට කැලිෆෝනියා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසරයක් ලැබිලා තියෙනවා. මීට කලින් මේ වගේ බර වාහන මහ පාරේ ධාවනය කිරීම තහනම් කරලා තිබුණත්, අලුත් නීති රීති යටතේ දැන් ඒ බාධාව ඉවත් කරලා තියෙන්නේ. දැනටමත් ‘Kodiak’ සමාගම තමන්ගේ ට්‍රක් රථ කිහිපයක් කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් ප්‍රදේශයේ ධාවනය කරමින් පරීක්ෂණ පටන් අරන් ඉවරයි.
මේ පරීක්ෂණවලදී ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම රියදුරු අසුනේ පුහුණු මානව ක්‍රියාකරුවෙක් ඉන්න ඕනේ. ඒ වගේම පැයට සැතපුම් 25කට වඩා අඩු වේග සීමා තියෙන පාරවල්වල මේවා ධාවනය කිරීම තහනම් කරලා තියෙනවා. කොහොම වුණත්, මේ වැඩපිළිවෙලට විරුද්ධව විශාල විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ‘Teamsters California’ වෘත්තීය සමිතිය විසින් මේ පරීක්ෂණ නිසා ඇති විය හැකි ආර්ථික බලපෑම් සහ මගී ආරක්ෂාව ගැන නිසි අධ්‍යයනයක් කරලා නැති බව පවසමින් අධිකරණයේ නඩු පවරා තියෙනවා.
මේ සමාගම් දෙකම මීට කලින් ටෙක්සාස් ප්‍රාන්තයේ තමයි මේ වගේ පරීක්ෂණ සිදු කළේ. දැන් කැලිෆෝනියාවේත් අවසර ලැබීම නිසා ඔවුන්ට තමන්ගේ තාක්ෂණය තවදුරටත් දියුණු කරගන්න ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී මේ තාක්ෂණය කොයි වගේ වෙනසක් ප්‍රවාහන ක්ෂේත්රයට ගෙනේවිද කියලා අපි බලාගෙන ඉමු.

Discussion & Feedback