යේමනයට ඔබ්බෙන් වූ ඒඩන් බොක්කේදී තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂක සංවිධානය පවසන විදිහට, නාඳුනන පිරිසක් මෙම නෞකාවට ගොඩවී එය පාලනයට ගෙන ඇති අතර, ඒ හරහා ගමන් කරන අනෙකුත් නෞකාවලට ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස උපදෙස් දී තිබෙනවා. ටැන්සානියානු ධජය යටතේ ගමන් කළ ‘එම්.ටී. අස්තානා’ නමැති මෙම නෞකාව සෝමාලියාවේ බොසාසෝ වරාය බලා යමින් තිබියදීයි මෙලෙස ප්‍රහාරයට ලක්වී ඇත්තේ. සෝමාලියාවේ පුන්ට්ලන්ඩ් කලාපයේ ආරක්ෂක නිලධාරීන් පවසන පරිදි, සන්නද්ධ පුද්ගලයන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම නෞකාව පැහැර ගැනීමට සම්බන්ධ වී තිබෙනවා.
මීට මාස තුනකට පෙර එනම් මැයි මාසයේදීත් ‘එම්.ටී. යුරේකා’ නෞකාව මෙලෙසම පැහැර ගැනීමට ලක්වුණා. වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර නාවික හමුදාවල මැදිහත්වීමෙන් සෝමාලියානු මුහුදු කොල්ලකෑම් සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර තිබුණත්, මේ වන විට නැවතත් එම තර්ජනය හිස ඔසවමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ ආරක්ෂාව තර කර තිබුණත්, ඒඩන් බොක්ක ආශ්රිත ප්‍රදේශවල ආරක්ෂාව තරමක් දුර්වල වීම නිසා කොල්ලකරුවන් එම ප්‍රදේශ ඉලක්ක කර ගන්නා බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන අතර, මුහුදු මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් නැවතත් බරපතළ කතාබහක් ඇති වී තිබෙනවා.

Discussion & Feedback