ලොව පුරා සිනමා රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටින ඩියුන් (Dune) චිත්රපට මාලාවේ අවසාන කොටස වන ‘ඩියුන්: පාට් ත්රී’ හි නවතම ට්රේලරය මේ වන විට නිකුත් වෙලා තියෙනවා. ඩෙනිස් විලේනුව් අධ්යක්ෂණය කරන මේ චිත්රපටයේ ටිමෝති චලමෙට් රඟපාන පෝල් ඇට්රයිඩස්ගේ චරිතය පෙරට වඩා බෙහෙවින් වෙනස් සහ අඳුරු පැතිකඩක් පෙන්නුම් කරන බවයි ට්රේලරයෙන් පැහැදිලි වෙන්නේ. විශේෂයෙන්ම ඔහු ගැලැක්සියම ජයගෙන දහස් ගණන් ලෝක විනාශ කර ඇති බව ජේසන් මොමෝවාගේ චරිතය වන ඩන්කන් අයිඩාහෝ පවසන දර්ශනය රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා. පෝල් තවදුරටත් ගැලවුම්කරුවෙක් නොව, සමාව දිය නොහැකි මට්ටමක සිටින අයෙක් බවයි මෙයින් ඉඟි කරන්නේ.
චිත්රපටයේ ප්රධාන චරිත වන සෙන්ඩයාගේ චානි සහ ටිමෝතිගේ පෝල් අතර පවතින ගැටුම්කාරී තත්ත්වයත්, රොබට් පැටින්සන්ගේ නව චරිතය වන ස්කයිටේල්ගේ කුමන්ත්රණත් ට්රේලරය පුරාම දකින්න ලැබෙනවා. ඒ වගේම ආන්යා ටේලර්-ජෝයිගේ ඇලියා ඇට්රයිඩස්ගේ දර්ශන සහ පෝල් සහ චානිගේ දරුවන් පිළිබඳ ඉඟි මගින් කතාවේ තීව්රතාවය තවත් වැඩි කර තිබෙනවා. වසර 17කට පසු සිදුවන සිදුවීම් මාලාවක් පාදක කරගෙන නිර්මාණය වන මෙම චිත්රපටය දෙසැම්බර් 18 වැනිදා සිනමාහල්වලට නිකුත් වීමට නියමිතයි. ඩියුන් ලෝලීන්ට මෙය සැබෑ සිනමා අත්දැකීමක් වේවි කියන එක නම් ස්ථිරයි.

Discussion & Feedback