හොලිවුඩ් සිනමාවේ සහ ටෙලි නාට්ය ක්ෂේත්රයේ බොහෝ දෙනා ආදරය කළ ප්රවීණ නළු ස්කොට් බ්රයිස් පසුගියදා අභාවප්රාප්ත වුණා. මියයන විට ඔහු 68 වන වියේ පසු වුණා. ‘As The World Turns’ වැනි ජනප්රිය ටෙලි නාට්ය හරහා ලොව පුරා රසිකයින් අතරට ගිය ඔහු, දීර්ඝ කාලයක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි බව ඔහුගේ පුත් ජැක්සන් සමාජ මාධ්ය හරහා තහවුරු කර තිබෙනවා. මුලින්ම උගුර ආශ්රිතව හටගත් පිළිකාව පසුව මොළය දක්වා පැතිරීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් වුණා.
ස්කොට් බ්රයිස් සිය රංගන දිවිය තුළ දශක තුනකට අධික කාලයක් පුරා විවිධ චරිත නිරූපණය කරමින් දක්ෂතා පෙන්වූ කෙනෙක්. විශේෂයෙන්ම ‘As The World Turns’ නාට්යයේ ඔහු කළ රංගනය වෙනුවෙන් 1986 සහ 1987 වසරවලදී ඔහු ‘ඩේ-ටයිම් එමි’ සම්මාන සඳහා නිර්දේශ වුණා. එමෙන්ම ‘Popular’ නාට්ය මාලාවේ ඔහු නිරූපණය කළ චරිතයත් රසිකයින් අතර ගොඩක් ජනප්රිය වුණා. මීට අමතරව ‘Law & Order’, ‘The Good Fight’ සහ ‘Blue Bloods’ වැනි ජනප්රිය ටෙලි කතා මාලා රැසකම ඔහු රංගනයෙන් දායක වුණා.
1958 වසරේ නිව්යෝර්ක් නුවර උපත ලැබූ ස්කොට් බ්රයිස්, සිය රංගන දිවිය ආරම්භ කළේ 80 දශකයේදීයි. එදා මෙදාතුර තිරය මත ඔහු මවාපෑ විවිධ චරිත නිසා ඔහු බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳෙනු නොඅනුමානයි. ඔහුගේ වියෝව හොලිවුඩ් කලා ක්ෂේත්රයට විශාල පාඩුවක් වන අතර, ඔහුගේ රසිකයින් මේ වන විටත් සමාජ මාධ්ය ඔස්සේ සිය ශෝකය පළ කරමින් සිටිනවා.

Discussion & Feedback