අභ්යවකාශයේ ඉඳන් පෘථිවිය දෙසට ඇදී එන උල්කාපාතයක් පෘථිවි වායුගෝලය හරහා ගමන් කරලා පොළොවට පතිත වෙන්න කලින් මොන වගේ වෙනස්කම්වලට ලක්වෙනවද කියලා විද්යාඥයින් පිරිසක් අලුත්ම පර්යේෂණයකින් හෙළි කරගෙන තියෙනවා. නාසා ආයතනය සහ SETI ආයතනය එකතු වෙලා උල්කාපාත 75ක් අධ්යයනය කරලා තමයි මේ අදියර හත හඳුනාගෙන තියෙන්නේ. ඉස්සර අපි හිතාගෙන හිටියේ මේ ගල් වායුගෝලයේදී රත් වෙලා වාෂ්ප වෙලා යනවා කියලා විතරයි. හැබැයි ඇත්තටම සිද්ධ වෙන්නේ ගල දියවීම සහ කැබලිවලට කැඩී යාම කියන සංකීර්ණ ක්රියාවලියක් බව මේ පර්යේෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා.
මේ ගමනේදී මුලින්ම වායුගෝලයට ඇතුළු වෙද්දී ඇතිවෙන අධික තාපය නිසා ගල වටා කම්පන තරංගයක් නිර්මාණය වෙනවා. ඒක තමයි අපි අහසේ දකින ‘වල්ගා තරුවක්’ වගේ දිලිසෙන දර්ශනය. ඊට පස්සේ වායුගෝලයේ ඝනත්වය වැඩි වෙද්දී ගල දියවෙන්න පටන් ගන්නවා. මේ විදිහට දියවෙන ද්රව්ය වාතයට එකතු වෙලා ගලෙන් ඉවත් වෙනවා. කිලෝමීටර් 60ක් විතර උඩදී මේ ගල තමන්ගේ මුල් ස්කන්ධයෙන් 40%ක් විතර නැති කරගන්නවා. අවසාන අදියරවලදී ගල කැබලිවලට කැඩී ගිහින් පොළොව මතුපිටට පතිත වෙන්නේ කුඩා කොටස් විදිහටයි. මේ සොයාගැනීම මගින් අනාගතයේදී පෘථිවියට තර්ජනයක් වෙන්න පුළුවන් විශාල ග්රහක ගැන කලින්ම දැනගන්න සහ ඒවායින් ආරක්ෂා වෙන්න අපිට ලොකු උදව්වක් ලැබෙනවා.

Discussion & Feedback