ජපානයේ ජක්සා (JAXA) ආයතනයට අයත් හයාබුසා-2 අභ්යවකාශ යානය මෑතකදී ටොරිෆුන් (Torifune) නම් ග්රහකය අසලින් ඉතාම සමීපව ගමන් කරමින් විශ්මිත ඡායාරූප පෙළක් ලබා ගැනීමට සමත් වුණා. මෙම මෙහෙයුම ඇත්තටම ඉතාම අවදානම් සහගත එකක් බව විද්යාඥයන් පවා මුලින් පවසා තිබුණා. සාමාන්යයෙන් මෙවැනි ග්රහක ගවේෂණයකදී කිලෝමීටර් 100ක දුරක් පවත්වා ගැනීම සිරිතක් වුණත්, වඩාත් පැහැදිලි දසුන් ලබා ගැනීම සඳහා ඉංජිනේරුවන් මෙම දුර මීටර් 800 දක්වා අඩු කිරීමට තීරණය කළා. මෙය යානයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමින් විද්යාඥයන් අතර දැඩි මතභේද ඇති වුණත්, අවසානයේදී එම අභියෝගය භාර ගැනීමට කණ්ඩායම තීරණය කළා.
මෙම ගවේෂණයේදී හයාබුසා-2 යානය මීටර් 800ක් වැනි ඉතාම කෙටි දුරකින් ග්රහකය පසුකර ගියා. එහිදී ලබාගත් දත්තවලින් හෙළි වුණේ ටොරිෆුන් යනු ග්රහක දෙකක් එකිනෙක ගැටී නිර්මාණය වූ ‘කොන්ටැක්ට් බයිනරි’ (contact binary) වර්ගයේ ග්රහකයක් බවයි. යානයේ තිබූ කැමරා සහ සංවේදක මගින් ඉතා පැහැදිලි ඡායාරූප සහ තාප දත්ත ලබා ගැනීමට හැකි වුණා. යානය පාලනය කිරීම සඳහා අලුතින්ම නිර්මාණය කළ මෘදුකාංගයක් භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වයක්. වසර ගණනාවකට පෙර සිය ප්රධාන මෙහෙයුම අවසන් කළ හයාබුසා-2 යානය, අදටත් මෙවැනි අභියෝගාත්මක මෙහෙයුම් සාර්ථකව සිදු කරමින් අභ්යවකාශ විද්යාවට විශාල දායකත්වයක් ලබා දෙනවා.

Discussion & Feedback