අභ්යවකාශයේ තරු යුගලක් එකට පිපිරී ගිය ප්රථම අවස්ථාව විද්යාඥයින් විසින් සොයාගෙන තියෙනවා. සාමාන්යයෙන් අපේ සූර්යයා වගේ තනි තරු වගේම, තරු දෙකක් එකට භ්රමණය වන පද්ධති අභ්යවකාශයේ බහුලව දකින්න ලැබෙනවා. ස්ටාර් වෝර්ස් චිත්රපටයේ එන ටැටූයින් ග්රහලෝකයේ වගේ තරු දෙකක් එකට තිබුණත්, ඒ දෙකම සුපර්නෝවා පිපිරීමකට ලක්වූ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබිලා තිබුණේ නැහැ. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්යයනයකින් තමයි මේ විශ්මිත සොයාගැනීම කරලා තියෙන්නේ.
මෙම තරු යුගලය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6,000ක් පමණ දුරින් පිහිටි ‘ජෙලිෆිෂ් නෙබියුලා’ හෙවත් IC 443 ලෙස හඳුන්වන ප්රදේශයේ තමයි දකින්න ලැබෙන්නේ. පර්යේෂකයන් නාසා ආයතනයේ ෆර්මි ගැමා-රේ දුරේක්ෂය ඇතුළු දත්ත රැසක් විශ්ලේෂණය කරලා තියෙනවා. එහිදී ඔවුන්ට පෙනී ගිහින් තියෙනවා IC 443 සහ G189.6+3.3 කියන සුපර්නෝවා අවශේෂ දෙකම එකම හයිඩ්රජන් වලාකුළක ගැටෙන බව. මේ පිපිරීම් දෙක අතර දුර ආලෝක වර්ෂ 30ත් 50ත් අතර ප්රමාණයක් වෙනවා. මේ වගේ දෙයක් අහඹු ලෙස සිදුවීමට ඇති ඉඩකඩ දහසකින් එකක් පමණයි.
මෙම සොයාගැනීම මගින් දැවැන්ත තරු යුගලවල පරිණාමය සහ ඒවා මියයන ආකාරය ගැන අලුත් දැනුමක් ලබාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම එක තරුවක් පිපිරී යාමේදී අනෙක් තරුවට සිදුවන බලපෑම ගැන තවදුරටත් අධ්යයනය කරන්න මේ පර්යේෂණය ඉවහල් වේවි. මේ පිළිබඳ සම්පූර්ණ විස්තර ‘නේචර් කමියුනිකේෂන්ස්’ සඟරාවේ පළවෙලා තියෙනවා.

Discussion & Feedback