අපේ සූර්යයා තුළ රිදී ලෝහය ඉතා අඩු ප්රමාණයකින් තිබීම කාලයක් තිස්සේ විද්යාඥයන්ට ලොකු ප්රශ්නයක් වෙලා තිබුණා. සූර්යයාගේ පිටත ස්ථරවල තිබිය යුතු රිදී ප්රමාණය, පෘථිවියට වැටෙන පැරණි උල්කාපාතවල තිබෙන රිදී ප්රමාණයට වඩා ගොඩක් අඩු බවයි පර්යේෂකයන් දැක්කේ. මේ රිදී අභිරහස විසඳන්න බෙල්ජියමේ ලීජ් විශ්වවිද්යාලයේ සෙමා කාලිස්කන් ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් අලුත්ම පර්යේෂණයක් සිදු කළා. ඔවුන් සූර්යයාගේ පරමාණුක ක්රියාකාරිත්වය පරිගණක ආකෘතියක් මගින් අධ්යයනය කරමින් මේ රිදී ප්රමාණය සොයා ගැනීමට උත්සාහ කළා.
පැරණි පර්යේෂණවලදී සූර්යයාගේ ආලෝක වර්ණාවලිය හරහා රිදී මැනීමේදී යම් යම් තාක්ෂණික දෝෂ තිබුණා. නමුත් මෙවර ඔවුන් ස්වීඩනයේ සුපිරි පරිගණකයක් භාවිතා කරමින්, පරමාණුවල සිදුවන සංකීර්ණ ‘නොවන සමතුලිතතා’ (non-equilibrium effects) බලපෑම් පවා සැලකිල්ලට ගත්තා. මේ නවීන ගණනය කිරීම්වලට අනුව, සූර්යයා තුළ අප මීට පෙර හිතුවාට වඩා 55%ක් වැඩි රිදී ප්රමාණයක් තිබෙන බව දැන් තහවුරු වෙලා තියෙනවා. මේ සොයාගැනීමත් එක්ක සූර්යයාගේ ඉතිහාසය සහ විශ්වයේ රිදී බෙදී ගිය ආකාරය ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගන්න විද්යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා.

Discussion & Feedback