අපේ සූර්යයා තුළ රිදී ලෝහය ඉතා අඩු ප්රමාණයකින් තිබීම කාලයක් තිස්සේ විද්යාඥයන්ට ලොකු ප්රශ්නයක් වෙලා තිබුණා. සූර්යයාගේ පිටත ස්ථරවල තිබිය යුතු රිදී ප්රමාණය, පෘථිවියට වැටෙන උල්කාපාතවල තිබෙන රිදී ප්රමාණයට වඩා ගොඩක් අඩු බවයි ඔවුන් නිරීක්ෂණය කළේ. මේ රිදී අභිරහස විසඳන්න බෙල්ජියමේ ලීජ් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් අලුත්ම පර්යේෂණයක් සිදු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ සූර්යයා තුළ රිදී ඇත්තටම සැඟවී තිබුණේ අපේ ඇස් ඉදිරිපිටම බවයි.
විද්යාඥයන් මේ සඳහා ස්වීඩනයේ තිබෙන බලගතුම සුපිරි පරිගණකයක් භාවිතා කරමින් සූර්ය පරමාණුවල හැසිරීම් ආදර්ශනය කළා. මෙතෙක් පැවති පරීක්ෂණවලදී සූර්යයාගේ ආලෝක වර්ණාවලිය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වූයේ ‘නොන්-ඉක්විලිබ්රියම්’ (non-equilibrium) නම් සංකීර්ණ බලපෑම් නිසි ලෙස ගණනය නොකිරීම නිසයි. නමුත් මෙවර පර්යේෂකයන් එම සංකීර්ණ සාධකත් ඇතුළත් කරමින් කළ ගණනය කිරීම්වලින් පෙනී ගියේ, සූර්යයා තුළ අප මීට පෙර සිතුවාට වඩා 55%ක වැඩි රිදී ප්රමාණයක් තිබෙන බවයි.
මේ සොයාගැනීමත් සමඟ සූර්යයාගේ ඉතිහාසය සහ විශ්වයේ රිදී නිර්මාණය වන ආකාරය ගැන තිබූ ගැටලු බොහොමයක් විසඳී තිබෙනවා. සූර්යයා තුළ රිදී අඩුයි කියා සිතා සිටි අභිරහස මෙලෙස විසඳා ගැනීම තාරකා විද්යාවේ සුවිශේෂී ජයග්රහණයක් ලෙසයි විද්යාඥයන් සලකන්නේ. මේ හරහා විශ්වයේ ඇති අනෙකුත් තරු සහ මන්දාකිණිවල පරිණාමය ගැනත් වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වේවි.

Discussion & Feedback