අපේ විශ්වයේ තියෙන මුළු ස්කන්ධයෙන් 85%ක්ම අඳුරු පදාර්ථ හෙවත් ‘ඩාර්ක් මැටර්’ (Dark Matter) වලින් සමන්විත වුණත්, ඒ දේවල් මොනවාද කියලා තවමත් කාටවත් හරියටම හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒත් දැන් විද්යාඥයන්ට මේ ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙන්නේ. ඇමරිකාවේ දකුණු ඩැකෝටා ප්රාන්තයේ භූගත පර්යේෂණාගාරයක තියෙන ‘LUX-ZEPLIN’ කියන දැවැන්ත උපකරණය මගින් අඳුරු පදාර්ථ වලට අයත් විය හැකි අංශුවක සලකුණක් හඳුනාගෙන තියෙනවා. මේක ඇත්තටම සිදුවුණා නම්, ඒක විද්යා ලෝකයේ පෙරළිකාර සොයාගැනීමක් වේවි.
මේ පර්යේෂණය සඳහා ටොන් 10ක ද්රව සෙනෝන් (Liquid Xenon) භාවිතා කරලා තියෙනවා. විද්යාඥයන් කියන විදිහට මේ අංශුව ප්රෝටෝනයකට වඩා 200 ගුණයක් විශාල විය හැකි බවයි පේන්න තියෙන්නේ. මේ අංශුව සාමාන්ය පදාර්ථ සමඟ අන්තර්ක්රියා කරන ආකාරය දැනට තියෙන විද්යාත්මක සිද්ධාන්ත වලට වඩා වෙනස්. මේක තවම තහවුරු කරගන්න බැරි වුණත්, මේ වගේ තවත් එකක් දෙකක් හරි හඳුනාගන්න ලැබුණොත් අඳුරු පදාර්ථ කියන්නේ මොනවාද කියන ප්රශ්නයට අපිට උත්තර හොයාගන්න පුළුවන් වේවි.
දැනට මේක 100%ක්ම තහවුරු වෙලා නැති වුණත්, විද්යාඥයන් මේ ගැන දිගින් දිගටම පර්යේෂණ කරනවා. මේ සොයාගැනීමෙන් විශ්වයේ සැඟවුණු රහස් රැසක් හෙළි කරගන්න පුළුවන් වෙයි කියලා තමයි ලෝකයේ ඉන්න ප්රමුඛ පෙළේ විද්යාඥයන් බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී මේ ගැන තවත් තොරතුරු දැනගන්න අපිට පුළුවන් වේවි.

Discussion & Feedback