අපේ විශ්වයේ තියෙන මුළු ස්කන්ධයෙන් 85%ක්ම අඳුරු පදාර්ථ හෙවත් ‘ඩාර්ක් මැටර්’ (Dark Matter) වලින් සමන්විත වුණත්, ඒ දේවල් මොනවාද කියලා තවමත් කාටවත් හරියටම හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒත් දැන් විද්‍යාඥයන් පිරිසක් මේ අභිරහස විසඳන්න පුළුවන් මට්ටමේ සුවිශේෂී සොයාගැනීමක් කරලා තියෙනවා. ඇමරිකාවේ දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ භූගත පර්යේෂණාගාරයක තියෙන LUX-ZEPLIN කියන දැවැන්ත උපකරණය මගින්, අඳුරු පදාර්ථ අංශුවක් සහ සාමාන්‍ය පදාර්ථ අංශුවක් අතර සිදුවුණු අසාමාන්‍ය ගැටුමක් හඳුනාගෙන තියෙනවා. මේක අඳුරු පදාර්ථ පිළිබඳ ලැබුණු පළමු සෘජු සාක්ෂිය වෙන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයන් කියන්නේ.
මේ පර්යේෂණය මෙහෙයවන බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ සැම් එරික්සන් මහතා පවසන විදිහට, මේ අංශුවල ස්කන්ධය ප්‍රෝටෝනයක් වගේ 200 ගුණයක් විශාල වෙන්න පුළුවන්. දැනට මේක එකම එක සිදුවීමක් විතරක් වුණත්, විද්‍යාඥයන් මේ ගැන ඉතාම උනන්දුවෙන් පසුවෙනවා. මොකද මේ වගේ ඉතාම දුර්ලභ සිදුවීම් කිහිපයක් තහවුරු කරගන්න පුළුවන් වුණොත්, විශ්වයේ තියෙන ලොකුම අභිරහසක් වන අඳුරු පදාර්ථ ගැන අපිට අලුත් දැනුමක් ලැබෙනවා. දැනට මේක 100%ක්ම තහවුරු වෙලා නැති වුණත්, ඉදිරියේදී ලැබෙන දත්තත් එක්ක මේ සොයාගැනීම විද්‍යා ලෝකයේ පෙරළියක් කරාවි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback