අභ්යවකාශ විද්යාවේ තවත් සුවිශේෂී ජයග්රහණයක් වාර්තා කරමින්, යුරෝපීය අභ්යවකාශ ඒජන්සියේ යුක්ලිඩ් දුරේක්ෂය මගින් විශ්වයේ ඉතාම පැරණි ක්වාසාර (Quasars) 31ක් සොයාගෙන තියෙනවා. මේවා අතරින් වඩාත්ම කැපී පෙනෙන්නේ මහා පිපිරුම සිදුවී වසර මිලියන 670කට පසුව බිහිවූ, සූර්යයන් ට්රිලියනයක ආලෝකයෙන් බබළන අතිවිශාල ක්වාසාර දෙකක්. ක්වාසාර කියන්නේ අතිවිශාල කළු කුහර වටා භ්රමණය වන ද්රව්ය මගින් ජනනය වන දැවැන්ත ආලෝක ධාරාවන්. මේ සොයාගැනීම මගින් විශ්වයේ මුල් කාලයේදී කළු කුහර මෙතරම් වේගයෙන් වර්ධනය වුණේ කොහොමද කියන ගැටලුවට පිළිතුරු සෙවීමට විද්යාඥයන්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා.
මීට පෙර මෙවැනි පැරණි ක්වාසාර දහයක් සොයාගන්න වසර දහයකට වැඩි කාලයක් ගතවුණත්, යුක්ලිඩ් දුරේක්ෂයට එකම වසරක් තුළ මේ තරම් ප්රමාණයක් සොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ එහි ඇති සුවිශේෂී තාක්ෂණය නිසයි. මේ ක්වාසාර අයත් වෙන්නේ විශ්වයේ ‘අඳුරු යුගය’ අවසන් වී ආලෝකය පැතිරෙන්න පටන් ගත් කාලයටයි. ඒ නිසා මේවා කාල තරණය කරන යන්ත්ර වගේ අපිට විශ්වයේ ආරම්භය ගැන තොරතුරු කියා දෙනවා. ලයිඩන් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පවසන විදිහට, මේ සොයාගැනීම මගින් මුල්ම මන්දාකිණි නිර්මාණය වුණේ කොහොමද කියන විශ්ව විද්යාවේ ලොකුම අභිරහසක් විසඳා ගැනීමට මග පෑදෙනවා.

Discussion & Feedback