අභ්යවකාශ විද්යාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, යුරෝපීය අභ්යවකාශ ඒජන්සියේ යුක්ලිඩ් දුරේක්ෂය මගින් විශ්වයේ ආරම්භක අවධියට අයත් අතිශය දුර්ලභ ක්වේසාර් (Quasars) 31ක් සොයාගෙන තියෙනවා. මේ අතරින් වඩාත්ම කැපී පෙනෙන්නේ මහා පිපිරුමෙන් වසර 670කට පසු බිහිවූ, සූර්යයන් ට්රිලියනයක දීප්තියකින් බබළන අති දැවැන්ත ක්වේසාර් යුගලයයි. ක්වේසාර් කියන්නේ අතිවිශාල කළු කුහර වටා භ්රමණය වන ද්රව්ය තැටි මගින් ජනනය වන අධික ශක්තියක් සහිත ආලෝක ප්රභවයන්. මේවායේ දීප්තිය සමස්ත මන්දාකිණියකම ඇති තරු සියල්ලේ එකතුවටත් වඩා වැඩි වෙන්න පුළුවන්.
මීට පෙර මෙවැනි පැරණි ක්වේසාර් සොයාගැනීම ඉතාමත් අසීරු කාර්යයක් වුණත්, යුක්ලිඩ් දුරේක්ෂය මගින් වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් විශාල ප්රමාණයක් සොයාගැනීම විද්යාඥයන් පුදුමයට පත් කර තිබෙනවා. ලයිඩන් විශ්වවිද්යාලයේ දාමින් යැං පවසන පරිදි, මේ සොයාගැනීම මගින් විශ්වයේ මුල් අවධියේදී කළු කුහර මෙතරම් වේගයෙන් වර්ධනය වුණේ කොහොමද කියන ගැටලුවට පිළිතුරු සොයාගන්න අපිට ලොකු අවස්ථාවක් ලැබෙනවා. මේ ක්වේසාර් විශ්වයේ ‘අඳුරු යුගය’ අවසන් වෙමින් ආලෝකය පැතිරී ගිය කාලයට අයත් නිසා, ඒවා විශ්වයේ ඉතිහාසය දෙස බලන කාල යන්ත්ර වගේ කියලා විද්යාඥයන් පෙන්වා දෙනවා. මේ සොයාගැනීම මගින් මන්දාකිණිවල උපත සහ විශ්වයේ පරිණාමය පිළිබඳව අපිට අලුත් දැනුමක් ලබාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback