අභ්යවකාශ විද්යාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් යුරෝපීය අභ්යවකාශ ඒජන්සියේ යුක්ලිඩ් දුරේක්ෂය මගින් විශ්වයේ ආරම්භක අවධියට අයත් ක්වේසාර් (Quasars) 31ක් සොයාගෙන තියෙනවා. මේ අතරින් වඩාත්ම කැපී පෙනෙන්නේ මහා පිපිරුමෙන් වසර මිලියන 670කට පසුව බිහිවූ, සූර්යයන් ට්රිලියනයක ආලෝකයෙන් බබළන අතිශය පැරණි ක්වේසාර් යුගලයයි. ක්වේසාර් කියන්නේ අති දැවැන්ත කළු කුහර වටා භ්රමණය වන ද්රව්ය මගින් ජනනය වන අධික ආලෝකයක් සහිත විශ්වීය වස්තූන්. මේ සොයාගැනීම මගින් විශ්වයේ මුල් කාලයේදී කළු කුහර මෙතරම් වේගයෙන් වර්ධනය වුණේ කොහොමද කියන ගැටලුවට පිළිතුරු සොයාගන්න විද්යාඥයන්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා.
මීට පෙර මෙවැනි පැරණි ක්වේසාර් දහයක් සොයාගන්න වසර දහයකට වැඩි කාලයක් ගත වුණත්, යුක්ලිඩ් දුරේක්ෂයට වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් විශාල ප්රමාණයක් සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ක්වේසාර් අයත් වෙන්නේ විශ්වයේ ‘අඳුරු යුගය’ අවසන් වී ආලෝකය පැතිරෙන්න පටන් ගත් කාල පරිච්ඡේදයටයි. මේ සොයාගැනීම ගැන අදහස් දක්වන පර්යේෂකයන් පවසන්නේ, මේවා හුදෙක් අභ්යවකාශ වස්තූන් පමණක් නොවෙයි, විශ්වයේ මුල්ම මන්දාකිණි නිර්මාණය වුණේ කොහොමද කියලා අධ්යයනය කරන්න පුළුවන් ‘කාල යන්ත්ර’ වගේ බවයි. ඉදිරියේදී මේ දත්ත මගින් විශ්වයේ රහස් රැසක් හෙළි කරගන්න විද්යාඥයන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback