අභ්යවකාශ විද්යාඥයන් විසින් මියගිය තාරකාවක් නැවතත් මන්දාකිනියේ වායු වලාකුළු බවට පත්වන අයුරු ප්රථම වතාවට නිරීක්ෂණය කර තිබෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 650ක් දුරින් පිහිටි ‘හෙලික්ස් නෙබියුලා’ (Helix Nebula) නම් මෙම තාරකා මණ්ඩලය, අපේ සූර්යයා වැනි තාරකාවක අවසාන කාලය කෙබඳු වේද යන්න පිළිබඳව අපට කදිම නිදසුනක් සපයනවා. තාරකාවක හයිඩ්රජන් ඉන්ධන අවසන් වූ විට එය රතු යෝධයෙකු බවට පත්වී, පසුව එහි පිටත ස්ථර අභ්යවකාශයට මුදාහරිමින් සුදු වාමන තාරකාවක් බවට පත්වන අයුරු මෙහිදී දැකගන්න පුළුවන්.
මෙම සොයාගැනීම සිදු වුණේ චිලී රාජ්යයේ පිහිටි දුරේක්ෂ පද්ධතියක් වන MOTHRA හි ක්රියාකාරිත්වය පරීක්ෂා කරමින් සිටියදීයි. විද්යාඥයන් මුලින් සිතුවේ මෙය සාමාන්ය පරීක්ෂණයක් පමණක් බවයි, නමුත් ඔවුන්ට හෙලික්ස් නෙබියුලාව වටා තිබූ අතිශය දුර්ලභ වායු ව්යුහයන් දැකගන්න ලැබුණා. මියගිය තාරකාවක කොටස් නැවතත් මන්දාකිනියේ වායු අතරට එකතු වන ආකාරය මෙතෙක් කිසිවෙකුටත් මෙතරම් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකි වී තිබුණේ නැහැ.
මෙම ක්රියාවලිය මගින් තාරකාවක ඇති මූලද්රව්ය නැවතත් අභ්යවකාශයට මුදාහැරෙන අතර, එමගින් අනාගතයේදී අලුත් තාරකා බිහිවීමට අවශ්ය පසුබිම සැකසෙනවා. තාරකාවක ජීවිතය අවසානයේදී එය නැවතත් විශ්වයේ අංගයක් බවට පත්වන මෙම අපූරු චක්රය, විශ්වයේ අභිරහස් තේරුම් ගැනීමට විද්යාඥයන්ට ලැබුණු ලොකු අවස්ථාවක්. අපේ සූර්යයාගේ අනාගතය ගැනත් මෙවැනිම දේවල් සිදුවන බව දැනගැනීම ඇත්තටම පුදුම හිතෙන කාරණයක්.

Discussion & Feedback