නාසා ආයතනයේ චන්ද්රා එක්ස්-රේ නිරීක්ෂණාගාරය මගින් අභ්යවකාශයේ අමුතුම ආකාරයේ වස්තූන් සමූහයක් සොයාගෙන තියෙනවා. සාමාන්යයෙන් තරු පද්ධතිවලදී සිදුවන්නේ එක් තරුවක් තවත් තරුවක වායු උරා ගනිමින් අධික ශක්තියක් සහිත එක්ස්-රේ විමෝචනය කිරීමයි. නමුත් මේ අලුතින්ම සොයාගත් වස්තූන් ඉතා අඩු ශක්තියක් සහිත එක්ස්-රේ සහ විශාල වශයෙන් පාරජම්බුල කිරණ පිට කරනවා. ඇන්ඩ්රොමීඩා සහ පින්වීල් මන්දාකිණි ඇතුළු මන්දාකිණි හයකින් මෙවැනි වස්තූන් 84ක් විද්යාඥයන් විසින් හඳුනාගෙන තියෙනවා. මේවා ‘හයිපර්සොෆ්ට් එක්ස්-රේ ප්රභවයන්’ ලෙසයි හඳුන්වන්නේ.
මේ සොයාගැනීම මගින් විශ්වයේ පවතින තවත් අභිරහස් කිහිපයක් විසඳා ගැනීමට හැකි වේවි කියලා විද්යාඥයන් විශ්වාස කරනවා. විශේෂයෙන්ම අභ්යවකාශයේ පවතින අයනීකෘත වායු පිළිබඳ ගැටලුවට සහ සුදු වාමන තරු පුපුරා යාම හෙවත් සුපර්නෝවා පිපිරීම් සිදුවන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මේ නව සොයාගැනීම ඉවහල් වේවි. අපේ ක්ෂීරපථය තුළත් මෙවැනි වස්තූන් විශාල ප්රමාණයක් තිබිය හැකි වුවත්, තරු අතර ඇති වායු නිසා ඒවා නිරීක්ෂණය කිරීම අපහසු වී තිබෙනවා. කෙසේ වෙතත්, මේ අභිරහස් වස්තූන් මගින් තරු නිර්මාණය වීමේ ක්රියාවලිය පවා පාලනය වන බවයි පර්යේෂකයන් පවසන්නේ.

Discussion & Feedback