අඟහරු ග්රහයා ගැන අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා ඒ ග්රහයාගේ දකුණු අර්ධගෝලයේ අභ්යන්තරය උතුරු අර්ධගෝලයට වඩා සෙල්සියස් අංශක 400කින් පමණ උණුසුම් බව. ඇරිසෝනා විශ්වවිද්යාලයේ ඇලෙක්සැන්ඩර් බර්න් ප්රමුඛ විද්යාඥ කණ්ඩායමක් නාසා ආයතනයේ අභ්යවකාශ යානා මගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කරමින් මේ සොයාගැනීම කරලා තියෙන්නේ. ඔවුන් ‘ටයිඩල් ටොමොග්රැෆි’ කියන නව තාක්ෂණය භාවිතා කරලා අඟහරුගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රයේ වෙනස්කම් නිරීක්ෂණය කරලා තියෙනවා. මේ උණුසුම් ස්වභාවය නිසා අඟහරුගේ දකුණු අර්ධගෝලයේ මැන්ටලය තවමත් අර්ධ වශයෙන් දියවී පවතින බවටයි විද්යාඥයින් සැක කරන්නේ.
අඟහරුගේ උතුරු සහ දකුණු කොටස් අතර මේ වගේ විශාල වෙනසක් තියෙන්න හේතුව තමයි ග්රහයාගේ මතුපිට පවා එකිනෙකට වෙනස් වීම. උතුරු පැත්ත පහත් බිම්වලින් සමන්විත වෙද්දී දකුණු පැත්ත ගල් පර්වත සහ ආවාට සහිත උස් බිම්වලින් පිරීලා තියෙනවා. මේ උණුසුම් දකුණු අර්ධගෝලය ගැන සොයාගැනීම මගින් අඟහරුගේ අතීතයේ තිබුණු ජල පද්ධති සහ ගිනිකඳු ක්රියාකාරකම් ගැන වගේම, අඟහරුගේ චුම්භක ක්ෂේත්රය අතුරුදහන් වුණේ කොහොමද කියන ගැටලුවටත් පිළිතුරු හොයාගන්න පුළුවන් වෙයි කියලා විද්යාඥයින් විශ්වාස කරනවා. මේ සොයාගැනීම අඟහරුගේ පරිණාමය තේරුම් ගන්න තවත් වැදගත් පියවරක් වේවි.

Discussion & Feedback