අභ්‍යවකාශ ගමන්වලදී ඇඳුම් පැළඳුම් පිරිසිදු කරගැනීම ලොකු ගැටලුවක්. මොකද අභ්‍යවකාශ යානාවල වතුර හරිම අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා ගගනගාමීන්ට එකම ඇඳුම සති ගණන් අඳින්න සිද්ධ වෙනවා. මේකෙන් බැක්ටීරියා වර්ධනය වෙලා සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඇමරිකාවේ ඇලබාමා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් අලුත්ම ‘ලොන්ඩ්‍රි ගන්’ එකක් හෙවත් ප්ලාස්මා තුවක්කුවක් නිර්මාණය කරලා තියෙනවා. මේ උපකරණයෙන් නිකුත් කරන සීතල ප්ලාස්මා කිරණ මගින් ඇඳුම්වල තියෙන බැක්ටීරියා විනාශ කරලා ඒවා විෂබීජහරණය කරන්න පුළුවන්.
මේ ප්ලාස්මා තුවක්කුව වැඩ කරන්නේ යානයේ තියෙන වාතය සහ ජල වාෂ්ප භාවිතයෙන්. ඒ නිසා අමතර රසායනික ද්‍රව්‍ය අභ්‍යවකාශයට ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනට මේක පෑනක ප්‍රමාණයේ කුඩා උපකරණයක් විදිහට තමයි හදලා තියෙන්නේ. පරීක්ෂණවලදී මේකෙන් ඇඳුම්වල තිබුණු බැක්ටීරියා 75%කට වඩා විනාශ කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේකෙන් ඇඳුම්වල තියෙන පැල්ලම් නම් අයින් කරන්න බැහැ. ඉස්සරහට මේක තව ටිකක් ලොකු කරලා, ගගනගාමීන්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට වැඩිදියුණු කරන්න තමයි විද්‍යාඥයන් බලාපොරොත්තු වෙන්නේ. අඟහරු ග්‍රහයා වගේ දිගුකාලීන අභ්‍යවකාශ ගමන්වලදී මේ තාක්ෂණය ගගනගාමීන්ට ලොකු සහනයක් වේවි.

Discussion & Feedback