අභ්යවකාශ ගමන්වලදී ඇඳුම් පැළඳුම් පිරිසිදු කරගැනීම ලොකු ප්රශ්නයක්. මොකද අභ්යවකාශ යානාවල වතුර හරිම අඩුවෙන් තමයි තියෙන්නේ. ඒ නිසා ගගනගාමීන්ට දවස් ගණන් එකම ඇඳුම අඳින්න සිද්ධ වෙනවා. මේක නිසා බැක්ටීරියා වර්ධනය වෙලා සෞඛ්ය ගැටලු ඇතිවෙන්නත් පුළුවන්. මේ ප්රශ්නයට විසඳුමක් විදිහට ඇමරිකාවේ ඇලබාමා විශ්වවිද්යාලයේ විද්යාඥයන් පිරිසක් අලුත්ම ‘ලොන්ඩ්රි ගන්’ එකක් හෙවත් ප්ලාස්මා තුවක්කුවක් නිර්මාණය කරලා තියෙනවා.
මේ උපකරණය වැඩ කරන්නේ සාමාන්ය උෂ්ණත්වයේ තියෙන ‘සීතල ප්ලාස්මා’ භාවිතයෙන්. මේ ප්ලාස්මා කිරණ ඇඳුම් මතට විදිනකොට ඒකෙන් පිටවෙන ඉලෙක්ට්රෝන මගින් ඇඳුමේ තියෙන බැක්ටීරියා විනාශ කරලා දානවා. මේක හරියට බ්ලීච් වගේ වැඩක් කළත්, රසායනික ද්රව්ය නැතුව යානයේ තියෙන වාතය සහ ජල වාෂ්ප පාවිච්චි කරලා තමයි මේ ප්ලාස්මා එක හදාගන්නේ. මේක අභ්යවකාශ ගමන්වලදී බර අඩු කරගන්නත් ලොකු උදව්වක් වෙනවා.
දැනට මේක පෑනක ප්රමාණයේ පොඩි උපකරණයක් විදිහට තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. ඒත් අනාගතයේදී මේක තවත් ලොකු කරලා ගගනගාමීන්ට තමන්ගේ ඇඳුම් විතරක් නෙවෙයි, අභ්යවකාශ ඇඳුම් සහ උපකරණ පවා විෂබීජහරණය කරගන්න පුළුවන් වෙයි. කෝපි පැල්ලම් වගේ දේවල් නම් මේකෙන් අයින් කරන්න බැරි වුණත්, බැක්ටීරියා නැති කරලා ඇඳුම් පිරිසිදුව තියාගන්න මේක හරිම අපූරු විසඳුමක් වේවි.

Discussion & Feedback