අභ්යවකාශ විද්යාඥයන් විසින් විශ්වයේ මෙතෙක් නිර්මාණය වූ විශාලතම ද්විමාන (2D) සිතියම එළිදක්වා තිබෙනවා. මෙය පෘථිවියේ සිට පෙනෙන අහසෙන් හතරෙන් තුනක පමණ ප්රදේශයක් ආවරණය කරන අතර, එහි තරු, මන්දාකිණි සහ වෙනත් අභ්යවකාශ වස්තූන් බිලියන 4කට ආසන්න ප්රමාණයක් ඇතුළත්. මෙම දැවැන්ත සිතියම නිර්මාණය කර තිබෙන්නේ දශකයකට වැඩි කාලයක් තිස්සේ ලබාගත් දුරේක්ෂ දත්ත 263,000කට වඩා වැඩි ප්රමාණයක් එකතු කරමින්. පික්සල් ට්රිලියන 5.6කින් සමන්විත මෙම සිතියම අභ්යවකාශ පර්යේෂණ ක්ෂේත්රයේ නව පෙරළියක් ඇති කර තිබෙනවා.
මෙම සිතියම නිර්මාණය කර තිබෙන්නේ ‘ඩෙසි’ (DESI) නමින් හැඳින්වෙන ව්යාපෘතියක් මගින්. මුලින්ම මෙය ඔවුන්ගේ ත්රිමාන (3D) සිතියම්ගත කිරීමේ කටයුතු සඳහා පදනමක් ලෙස භාවිතා කළත්, දැන් එය තාරකා විද්යාඥයන්ට විශ්වයේ රහස් සොයා ගැනීමට ලැබුණු විශාල සම්පතක් බවට පත්වෙලා. විශේෂයෙන්ම විශ්වයේ ප්රසාරණයට බලපාන අඳුරු ශක්තිය (Dark Energy) පිළිබඳව ගැඹුරින් අධ්යයනය කිරීමට මෙම දත්ත ඉතා වැදගත් වෙනවා. දැනටමත් විද්යාත්මක පර්යේෂණ පත්රිකා 1,800කට වැඩි ප්රමාණයක මෙම දත්ත භාවිතා කර තිබීමෙන්ම එහි වටිනාකම අපට තේරුම් ගන්න පුළුවන්.
මෙම සිතියම මගින් අනාගතයේදී කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් අභ්යවකාශ දත්ත විශ්ලේෂණය කිරීමටත්, විශ්වයේ පරිණාමය පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු සොයා ගැනීමටත් විද්යාඥයන්ට හැකි වෙනවා. අභ්යවකාශය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා මෙම සිතියම ගවේෂණය කිරීමටත් අවස්ථාව ලැබී තිබෙනවා. මෙය ඇත්තටම විශ්වයේ අසිරිය අපේ ඇස් ඉදිරිපිටට ගෙන එන අපූරු නිර්මාණයක්.

Discussion & Feedback