වයසට යාමත් සමඟ ඇතිවන අක්ෂි රෝග නිසා පෙනීම අහිමි වූ මිලියන ගණනක් ජනතාවට යළිත් ලෝකය දෙස බැලීමට අවස්ථාව සලසමින් ‘සයන්ස් කෝපරේෂන්’ (Science Corporation) ආයතනය විසින් නිපදවූ ‘PRIMA’ නමැති චිප් එකට යුරෝපීය වෛද්‍ය නියාමන අනුමැතිය ලැබිලා තියෙනවා. මේ තාක්ෂණය හරහා ඇසේ පසුපස කොටසේ කුඩා චිප් එකක් බද්ධ කරන අතර, කැමරාවක් සහිත විශේෂ කණ්ණාඩියක් මගින් දර්ශන එම චිප් එකට සම්ප්‍රේෂණය කරනවා. මේ මගින් අන්ධභාවයට පත් වූවන්ට නැවතත් පොත් කියවීමට, චිත්‍ර ඇඳීමට සහ සුදෝකු වැනි ක්‍රීඩා කිරීමට තරම් පැහැදිලි පෙනීමක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.
මෙම ආයතනයේ නිර්මාතෘ මැක්ස් හොඩක් පවසන්නේ, මෙය හුදෙක් තාක්ෂණික ජයග්‍රහණයක් පමණක් නොවෙයි, එය තිරසාර ව්‍යාපාරික ආකෘතියක් ලෙස ඉදිරියට ගෙන යාමට ඔවුන් බලාපොරොත්තු වන බවයි. දැනට ජර්මනියේ සායනික පරීක්ෂණ සාර්ථකව අවසන් කර ඇති අතර, සැප්තැම්බර් මාසයේ සිට පළමු සැත්කම් ආරම්භ කිරීමට නියමිතයි. අනාගතයේදී මෙම කණ්ණාඩිවල හැඩය තවත් දියුණු කර, සාමාන්‍ය කණ්ණාඩියක් මෙන් සැහැල්ලුවෙන් පැළඳිය හැකි මට්ටමට ගෙන ඒම ඔවුන්ගේ ඉලක්කයයි. මේ හරහා අනාගතයේදී මොළය සහ පරිගණක සම්බන්ධ කරන තවත් විශාල තාක්ෂණික පෙරළියකට ඔවුන් අඩිතාලම දමමින් ඉන්නවා.

Discussion & Feedback