අපේ රටේ පාසල් යන දරුවන් දිනපතාම කරේ එල්ලාගෙන යන බරැති පොත් බෑග්වල බර අඩු කරන්න රජය විශේෂ පියවර කිහිපයක් ගන්න සූදානම් වෙනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, 2027 වසරේ සිට ක්‍රියාත්මක වෙන්න නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන බවයි. විශේෂයෙන්ම 6 ශ්‍රේණියේ සිට මොඩියුල මත පදනම් වූ ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත අතර, ඒ හරහා දරුවන්ට දිනපතාම විශාල පොත් ගොඩක් පාසලට රැගෙන ඒමේ අවශ්‍යතාවය මගහැරී යනවා.
මේ නව ක්‍රමය යටතේ පන්ති කාමරයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය පොත්පත් පාසලේම තබා ගැනීමට දරුවන්ට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දරුවන්ට දිනපතා ගෙදර සිට පාසලට පොත් රැගෙන ඒමේ බරින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම, විශාල පෙළපොත් වෙනුවට එක් එක් වාරයට අදාළව සකස් කළ කෙටි මොඩියුල පමණක් දරුවන්ට ලබා දීමටයි සැලසුම් කරලා තියෙන්නේ. දරුවාගේ වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ පමණක් එම පොත් ගෙදර රැගෙන යාමට අවස්ථාව ලැබෙන නිසා, දරුවන්ගේ කොන්දේ වේදනාව වගේ සෞඛ්‍ය ගැටලු රැසකටත් මේ හරහා විසඳුම් ලැබෙනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Discussion & Feedback