ජනප්රිය ’47 රොනින්’ චිත්රපටයේ අධ්යක්ෂ කාල් රින්ෂ්, නෙට්ෆ්ලික්ස් සමාගම රවටා ඇමරිකානු ඩොලර් මිලියන 11ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර දෙකහමාරක සිරදඬුවමකට යටත් වුණා. හොලිවුඩ් සුපිරි තරුව කීනු රීව්ස් පවා මෙම අධ්යක්ෂවරයා වෙනුවෙන් අධිකරණයට ලිපියක් යොමු කරමින් මනුෂ්යත්වය පදනම් කරගෙන දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා තිබුණත්, විනිසුරු ජෙඩ් රකොෆ් තීරණය කළේ ඔහුට නියමිත දඬුවම ලබා දීමටයි. රින්ෂ් තමන්ගේ මානසික සෞඛ්ය ගැටලු ගැන කරුණු දැක්වුවත්, ඔහු මුදල් විශුද්ධිකරණය සහ අසත්ය තොරතුරු ඉදිරිපත් කරමින් නෙට්ෆ්ලික්ස් ආයතනය මුළා කළ බව විනිසුරුවරයා අවධාරණය කළා.
මෙම අධ්යක්ෂවරයා ‘වයිට් හෝස්/කොන්ක්වෙස්ට්’ නමැති ටෙලි නාට්ය මාලාවක් නිෂ්පාදනය කරන බව පවසා නෙට්ෆ්ලික්ස් වෙතින් විශාල මුදලක් ලබාගෙන තිබුණත්, එම මුදල් ඔහු යොදවා තිබුණේ කොටස් වෙළෙඳපොළේ අවදානම් සහගත ආයෝජනවලට සහ සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමටයි. නෙට්ෆ්ලික්ස් සමාගම මෙම ව්යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 55කට අධික මුදලක් වැය කළත්, අවසානයේ කිසිදු නිර්මාණයක් ලැබුණේ නැහැ. අධිකරණයේදී තමන් කළ වරද පිළිගත් රින්ෂ්, තමන්ගේ තත්ත්වය අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම ගැන කනගාටුව ප්රකාශ කළා. කෙසේ වෙතත්, වංචාකාරී ක්රියාවන්ට කිසිදු සමාවක් නොමැති බව පෙන්වා දෙමින් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා.

Discussion & Feedback