ප්‍රසිද්ධ ක්‍රිප්ටෝ වොලට් නිෂ්පාදකයෙක් වන Trezor සමාගම තමන්ගේ පාරිභෝගිකයින්ට ඉතාමත් වැදගත් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ, ඔවුන්ගේ තෙවන පාර්ශවීය විද්‍යුත් තැපැල් සේවා සපයන්නා වන Brevo සමාගමට එල්ල වුණු සයිබර් ප්‍රහාරයක් නිසා Trezor පාරිභෝගිකයින් 347,000කට පමණ ව්‍යාජ ඊමේල් පණිවිඩ ලැබී ඇති නිසයි. මේ පණිවිඩවල තියෙන ලින්ක් එක ක්ලික් කළොත්, ඒ හරහා ඔබේ වොලට් එකේ රහස් මුරපදය (backup password) ලබාගන්නා ඇප් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. මේ මුරපදය හැකර්වරුන්ට ලැබුණොත් ඔබේ ක්‍රිප්ටෝ මුදල් සියල්ලම සොරකම් කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා.
මේක පසුගිය මාස කිහිපය තුළ Trezor සමාගමට සම්බන්ධව සිදුවුණු දෙවැනි දත්ත කාන්දුවයි. මීට කලින් ShipMonk කියන නැව්ගත කිරීමේ සමාගම හරහාත් පාරිභෝගිකයින් 81,000කගේ පෞද්ගලික තොරතුරු කාන්දු වුණා. මේ වගේ සිදුවීම් නිසා හැකර්වරුන්ට පාරිභෝගිකයින්ව ඉලක්ක කරගෙන ව්‍යාජ ලිපි එවීම හෝ භෞතිකව පහර දී මුරපද ලබාගැනීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා Trezor සමාගම පවසන්නේ කිසිම විටෙක සැක සහිත ලින්ක් එකක් ක්ලික් නොකරන ලෙසත්, තමන්ගේ මුරපද කිසිවෙකුට ලබා නොදෙන ලෙසත්ය. තමන්ගේ පද්ධතිවල ආරක්ෂාව ගැන නැවතත් සමාලෝචනය කරන බවත් ඔවුන් පවසනවා. ඔබත් ක්‍රිප්ටෝ භාවිතා කරන කෙනෙක් නම්, ලැබෙන ඊමේල් ගැන ඉතාම සැලකිලිමත් වෙන්න.

Discussion & Feedback