හොලිවුඩයේ ජනප්රියම භීෂණ සිනමා මාලාවක් වන ‘සෝ’ (Saw) රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න සූදානම් වෙනවා. මෙතෙක් චිත්රපට හරහා පමණක් දැකපු ජිග්සෝගේ මාරාන්තික උගුල් සහ අභිරහස් තවදුරටත් සිනමා තිරයට පමණක් සීමා වෙන්නේ නැහැ. ‘සෝ: ජෙනසිස්’ (Saw: Genesis) නමින් එළිදැක්වෙන මෙම නවතම නිර්මාණය, සිනමා පටයකට වඩා අසමමිතික බහු-ක්රීඩක (asymmetrical multiplayer) වීඩියෝ ක්රීඩාවක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහිදී ක්රීඩකයන්ට එක පැත්තකින් උගුල්වලින් බේරෙන්න උත්සාහ කරන ‘Accused’ කණ්ඩායම විදිහටත්, අනෙක් පැත්තෙන් උගුල් අටවන ‘Judge’ විදිහටත් ක්රීඩා කරන්න පුළුවන්.
මේ කතාව දිව යන්නේ පළමු ලෝක යුද්ධයෙන් පස්සේ කාලයට. ඒ කියන්නේ ජෝන් ක්රේමර් හෙවත් ජිග්සෝගේ යුගයට අවුරුදු සියයකටත් එහා අතීතයකට. මෙතැනදී අපිට දකින්න ලැබෙන ‘Judge’ කියන චරිතය තමයි අනාගතයේ ජිග්සෝ අනුගමනය කරන දර්ශනයට මුල්ගල් තියන්නේ. ක්රීඩාවේදී උගුලකට අහුවුණොත් ජීවිතය බේරගන්න ශරීරයේ කොටසක් පවා කැප කරන්න සිද්ධ වෙනවා, ඒකෙන් ක්රීඩකයාගේ ඉදිරි ගමනටත් බලපෑම් ඇති වෙනවා. සිනමා මාලාවේ තිබුණු අභිරහස සහ බිය, මේ අලුත් ක්රීඩාව හරහා කොයි වගේ අත්දැකීමක් ලබා දෙයිද කියලා බලන් ඉන්න රසිකයන් ගොඩක් උනන්දුවෙන් ඉන්නවා.

Discussion & Feedback