ලෝකයේ වැඩිම පිරිසක් ආහාරයට ගන්නා වී වගාවට මේ දිනවල දේශගුණික විපර්යාස නිසා ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම වී වගාවට විශාල වශයෙන් ජලය වැය වීම සහ මීතේන් වායුව පිටවීම වගේ ගැටලු විසඳන්න තමයි ‘මිටි ලැබ්ස්’ (Mitti Labs) කියන ස්ටාර්ට්අප් සමාගම අලුත් තාක්ෂණයක් හඳුන්වා දීලා තියෙන්නේ. මේ සඳහා සෞදි අරාම්කෝ ආයතනයේ ආයෝජන අංශය වන ‘අරාම්කෝ වෙන්චර්ස්’ මගින් ඇමරිකානු ඩොලර් මිලියන 9.5ක මුදලක් ආයෝජනය කරලා තියෙනවා. මේක තමයි ඔවුන් ඉන්දියාවේ සමාගමකට කරන පළමු ආයෝජනය වීම විශේෂත්වයක්.
මිටි ලැබ්ස් ආයතනය සැටලයිට් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) එකතු කරලා වී ගොවිතැනේදී ජලය භාවිතය 40%කින් සහ මීතේන් විමෝචනය 50%කට වඩා අඩු කරන්න කටයුතු කරනවා. දැනටමත් ඉන්දියාවේ ගොවීන් ලක්ෂයකට අධික පිරිසක් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ තාක්ෂණය හරහා ගොවීන්ට අස්වැන්න අඩු නොවී අමතර ආදායමක් විදිහට කාබන් ක්‍රෙඩිට් ලබාගන්නත් පුළුවන්. මේ ලැබුණු අලුත් මුදල් ආයෝජනයත් එක්ක ඔවුන් ඉදිරියේදී පිලිපීනය, ඉන්දුනීසියාව වගේ අග්නිදිග ආසියානු රටවලටත් මේ වැඩසටහන ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ ව්‍යාපෘතිය හරහා ගොවීන්ට තමන්ගේ කුඹුරු ඉඩම්වල තෙතමනය සහ වගාවේ තත්ත්වය දුරස්ථව අධීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ගූගල් වගේ ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් පවා මේ දත්ත සහ විශ්ලේෂණයන් භාවිතා කරනවා. ඉදිරියේදී ලෝකයේ මිලියන ගණනක් කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය නංවන්නත්, පරිසර හිතකාමී වී වගාවක් ලෝකයට හඳුන්වා දෙන්නත් මිටි ලැබ්ස් ආයතනයට මේ ආයෝජනය ලොකු පිටුවහලක් වේවි.

Discussion & Feedback