සෞදි අරාබියේ ජෙඩා නුවර පැවැත්වීමට නියමිතව තිබූ ප්රධාන පෙළේ චිත්රපට උළෙලක් වන ‘රතු මුහුදු ජාත්යන්තර චිත්රපට උළෙලේ’ 2026 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අදියර අවලංගු කිරීමට එහි සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට මෙම උළෙලේ හයවන අදියර 2027 වසරේ අවසාන කාර්තුවේදී පැවැත්වීමට ඔවුන් සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ. කලාපයේ පවතින භූ දේශපාලනික උණුසුම් තත්ත්වයන් සහ යුද ගැටුම් මධ්යයේ මෙම තීරණය ගෙන ඇති බවට බොහෝ දෙනා අනුමාන කළත්, සංවිධායකයින් පවසන්නේ උළෙල සඳහා අවශ්ය වන දැවැන්ත සැපයුම් සහ ලොජිස්ටික් අවශ්යතා පිළිබඳව සිදුකළ සමාලෝචනයකින් පසුව මෙම තීරණයට එළඹි බවයි.
2021 වසරේදී ආරම්භ වූ මෙම චිත්රපට උළෙල කෙටි කලකින්ම මැද පෙරදිග කලාපයේ ජනප්රියම උළෙලක් බවට පත් වුණා. කෙසේ වෙතත්, පසුගිය කාලයේ උළෙලේ කළමනාකාරීත්වයේ සිදුවූ වෙනස්කම් සහ සෞදි අරාබිය සිය අවධානය ක්රීඩා සහ වීඩියෝ ක්රීඩා වැනි ක්ෂේත්ර වෙත යොමු කිරීම වැනි කරුණු නිසා උළෙලේ අනාගතය පිළිබඳව විවිධ කතාබහ ඇති වුණා. කෙසේ වෙතත්, 2027 වසරේදී අලුත් දැක්මක් සහ වැඩසටහන් මාලාවක් සමඟින් නැවතත් සිනමා ලෝලීන් හමුවීමට බලාපොරොත්තු වන බව සංවිධායකයින් පවසනවා. මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්යය විසින් වසර දහයකට පසු ‘ඩුබායි ජාත්යන්තර චිත්රපට උළෙල’ නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබීමද විශේෂත්වයක්. ඉදිරියේදී කලාපයේ චිත්රපට උළෙලවල් අතර තරඟකාරීත්වයක් ඇති වනු ඇතැයි සිනමා ක්ෂේත්රයේ විචාරකයින් මත පළ කරනවා.

Discussion & Feedback