ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කළ දා සිට, සෞදි අරාබිය උත්සාහ කරන්නේ එම ගැටුම්වලින් හැකිතාක් ඈත් වී සිටීමටයි. නමුත් පසුගිය දිනවල ඉරාන ගැති සන්නද්ධ කණ්ඩායම්වලින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සෞදියට තවදුරටත් නිහඬව සිටීමට නොහැකි වී තිබෙනවා. මේ නිසා ඇමරිකාව සමඟ එක්ව ඉරාන ගැති කණ්ඩායම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සෞදියට සිදු වුණා. දැන් ඔවුන් ඉදිරියේ ඇති ලොකුම අභියෝගය වන්නේ, දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ආරක්ෂාව තහවුරු කරගන්නවාද, නැතිනම් රාජ්‍ය තාන්ත්‍රිකව ගැටුම සමනය කරගන්නවාද යන්නයි.
සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ ‘විෂන් 2030’ වැඩපිළිවෙළ යටතේ සෞදිය තෙල් ආර්ථිකයෙන් මිදී නවීන කර්මාන්ත සහ විදේශ ආයෝජන දිනා ගැනීමට විශාල උත්සාහයක නිරත වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ රට තුළ පවතින තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල වන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර ඔවුන්ගේ ආර්ථික සැලසුම්වලට විශාල තර්ජනයක්. 2019 වසරේදී සිදු වූ ප්‍රහාරවලින් සෞදියේ තෙල් නිෂ්පාදනයට සිදු වූ හානිය ඔවුන්ට හොඳ පාඩමක් වුණා. මේ නිසා කලාපයේ පවතින යුද වාතාවරණය තවදුරටත් උත්සන්න වුවහොත්, සෞදියේ අනාගත ආර්ථික සිහිනයට එය බරපතළ බාධාවක් වනු නොඅනුමානයි.

Discussion & Feedback