මේ දිනවල ලෝක දේශපාලනයේ ලොකු කතාබහක් ඇති කරමින් සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය එකතු වෙලා අලුත් ආරක්ෂක ගිවිසුමකට අත්සන් තියලා තියෙනවා. සෞදි අරාබියේ මක්කා නුවරදී පැවැත්වුණු විශේෂ හමුවකදී සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්, තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් සහ පාකිස්තාන අගමැති ශෙහ්බාස් ෂරීෆ් යන මහත්වරුන් විසින් මේ ගිවිසුම ප්‍රකාශයට පත් කළා. මේ ගිවිසුමේ තියෙන විශේෂම දේ තමයි, මේ රටවල් තුනෙන් එකකට හෝ පහර දීමක් සිද්ධ වුණොත්, ඒක මුළු රටවල් තුනටම එල්ල වුණු ප්‍රහාරයක් විදිහට සලකනවා කියන එක.
පසුගිය කාලේ ඇමරිකාව සහ ඉරානය අතර ඇති වුණු ගැටුම් නිසා කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු අවදානමක් ඇති වුණා. විශේෂයෙන්ම රතු මුහුදේ සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට මේ තත්ත්වය ලොකු බාධාවක් වුණා. ඒ වගේම යේමනයේ හූති කැරලිකරුවන් සෞදි අරාබියේ තෙල් පිරිපහදු සහ ගුවන් තොටුපළ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමත් එක්ක තමයි මේ රටවල් තුන මෙවැනි දැඩි ආරක්ෂක තීරණයකට එළඹුණේ. මේ ගිවිසුම හරහා කලාපීය ආරක්ෂාව තහවුරු කරගන්නත්, නාවික ගමනාගමනය සුරක්ෂිත කරන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි.

Discussion & Feedback