මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය තවත් උග්‍ර කරමින්, ඉරාකයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සෞදි අරාබියේ අතිශය වැදගත් තෙල් නල මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. කිලෝමීටර් 1200ක් දිගු මෙම නල මාර්ගය ලෝකයේ බොරතෙල් සැපයුමෙන් 4%ත් 5%ත් අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයක්. මෙම ප්‍රහාරය නිසා එම ප්‍රදේශයේ යම් හානි සිදුවී ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස සෞදි බලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි නල මාර්ගයේ කටයුතු නතර කිරීමට තීරණය කළා. චන්ද්‍රිකා ඡායාරූපවලින් පවා එම ස්ථානයේ ඇති වූ ගින්න සහ දුමාරය පැහැදිලිව දැකගන්න පුළුවන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉරාක රජය වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ප්‍රහාරය දියත් කළ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි ප්‍රදේශයක හමුදා අණදෙන නිලධාරියෙකු ද සේවයෙන් පහ කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට යේමනයේ හූති කැරලිකරුවන්ගේ බලපෑම ද ඉහළ යමින් පවතින නිසා ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, සෞදි අරාබිය මේ මොහොතේදී කිසිදු ප්‍රතිප්‍රහාරයක් එල්ල නොකර ඉවසීමෙන් කටයුතු කිරීමට තීරණය කර ඇත්තේ ඉරාක රජයේ ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමින්. කලාපීය ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට තමන්ට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍යාංශය අවධාරණය කරනවා.

Discussion & Feedback