අද වෙනකොට ලෝකයේ බොහෝ සමාගම් තමන්ගේ වැඩකටයුතු පහසු කරගන්න OpenAI හෝ Anthropic වගේ ආයතනවල කෘත්‍රිම බුද්ධි (AI) මාදිලි භාවිතා කරනවා. හැබැයි මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා මේ ගැන හරිම පුදුම හිතෙන අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. නඩෙල්ලා කියන විදිහට, මේ වගේ AI මාදිලි භාවිතා කරන සමාගම් තමන්ගේ වටිනාම ව්‍යාපාරික රහස් සහ දත්ත නොදැනුවත්වම මේ AI සමාගම්වලට ලබා දෙනවා. ඒ කියන්නේ, ඔබ මේ සේවාවන් සඳහා මුදල් ගෙවනවා වගේම, ඔබේ සමාගමේ තියෙන අතිශය රහසිගත දැනුම සහ දත්තත් ඔවුන්ට නොමිලේම ලබා දෙනවා. මේ දත්ත භාවිතා කරලා අනාගතයේදී මේ AI සමාගම්වලටම ඔබේ ව්‍යාපාරයට තරඟකාරී වෙන්න පුළුවන් කියන එක තමයි මෙතන තියෙන ලොකුම අවදානම.
නඩෙල්ලා තවදුරටත් පෙන්වා දෙන්නේ, AI සමාගම් අන්තර්ජාලයේ තියෙන දත්ත නිදහසේ උකහා ගනිමින් තමන්ගේ මාදිලි පුහුණු කරන අතරේ, පාරිභෝගිකයන්ගෙන් ලැබෙන දත්ත භාවිතා කිරීම සීමා නොකිරීම විශාල අසාධාරණයක් බවයි. ඒ නිසා ඔහු යෝජනා කරන්නේ සමාගම් තමන්ගේම දත්ත පාලනය කරගන්නා ‘ප්රොප්රයිටරි ලර්නින් එන්වයර්මන්ට්’ (proprietary learning environments) හදාගන්න කියලයි. ඒ වගේම එකම AI මාදිලියකට කොටු නොවී, අවශ්‍ය වෙලාවට වෙනත් මාදිලිවලට මාරු වෙන්න පුළුවන් ‘ඕකෙස්ට්රේෂන් ලේයර්ස්’ (orchestration layers) භාවිතා කරන්න කියලත් ඔහු උපදෙස් දෙනවා. කෙටියෙන් කිව්වොත්, ඔබේ ව්‍යාපාරයේ දත්තවල අයිතිය ඔබම තියාගන්න එක තමයි මේ වෙලාවේ තියෙන වැදගත්ම දේ.

Discussion & Feedback