මේ මාසයේ පැවැත්වෙන 32 වැනි සැරයේවෝ සිනමා උළෙලේදී හොලිවුඩ් සිනමාවේ අතිදක්ෂ රංගන ශිල්පියෙක් වන වුඩි හැරල්සන්ව විශේෂ ගෞරව සම්මානයකින් පිදුම් කිරීමට සූදානම් වෙනවා. සිනමා ක්ෂේත්රයට ඔහු ලබා දී ඇති සුවිශේෂී දායකත්වය අගයමින් ‘Honorary Heart of Sarajevo’ සම්මානය ඔහුට පිරිනැමීමටයි උළෙලේ සංවිධායකයන් තීරණය කරලා තියෙන්නේ. වුඩි හැරල්සන් කියන්නේ ඕනෑම චරිතයකට ඉතාම ස්වාභාවිකව පණ පොවන්න පුළුවන් දක්ෂ නළුවෙක් බවත්, ඔහුගේ රංගන විලාසය අනාගත පරපුරට ලොකු ආදර්ශයක් බවත් උළෙලේ අධ්යක්ෂ ජොවාන් මර්ජනොවිච් පවසනවා.
මෙම සිනමා උළෙල සමඟ වුඩි හැරල්සන්ට දීර්ඝකාලීන සම්බන්ධයක් තියෙනවා. ඔහු රඟපෑ ‘Welcome to Sarajevo’ චිත්රපටය මීට වසර ගණනාවකට පෙර මෙම උළෙලේදී ප්රදර්ශනය වුණා. ඒ වගේම මෙවර උළෙලේදී ඔස්කාර් සම්මාන දිනාගත් ‘No Man’s Land’ චිත්රපටයේ 25 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් එහි ප්රතිසංස්කරණය කළ 4K පිටපතක් ප්රදර්ශනය කිරීමටත් කටයුතු යොදා තියෙනවා. අගෝස්තු 14 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සිනමා උළෙල ලොව පුරා සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගන්නා ප්රධාන උත්සවයක් බවට පත්වෙලා තියෙනවා.

Discussion & Feedback