ලොව පුරා රසිකයන් ආදරයෙන් වැළඳගත්ත ‘ප්රැක්ටිකල් මැජික්’ චිත්රපටයේ දෙවන කොටස එළිදැක්වීමට නියමිතව තිබෙනවා. සැප්තැම්බර් 10 වනදා තිරගත වීමට නියමිත මෙම චිත්රපටයත් සමඟම, කතා මාලාවේ තුන්වන කොටසක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බව ප්රධාන නිළි සැන්ඩ්රා බුලොක් පවසනවා. ඇය පවසන පරිදි, මෙම දෙවන කොටස බොක්ස් ඔෆිස් වාර්තා තබමින් සාර්ථක වුවහොත්, අනිවාර්යයෙන්ම තුන්වන කොටසක් නිර්මාණය කරනවා. එහිදී ඇය බලාපොරොත්තු වන්නේ තමන්ගේ චරිතයේ වගකීම තිරයේ සිටින තමන්ගේ දියණියන් ලෙස රඟපාන ජෝයි කිං සහ මේසි විලියම්ස්ට භාර දී, ඔවුන්ට ඉදිරියට යන්න ඉඩ ලබා දීමටයි.
මෙම චිත්රපටයේ සැන්ඩ්රා බුලොක් සමඟ නිකොල් කිඩ්මන් නැවතත් සෑලි සහ ගිලියන් ලෙස ප්රේක්ෂකයන් හමුවට එනවා. ඇලිස් හොෆ්මන්ගේ ‘ද බුක් ඔෆික් මැජික්’ නවකතාව ඇසුරින් නිර්මාණය වන මෙම කතාවේදී, ඕවන්ස් සහෝදරියන් තමන්ගේ පවුලට එල්ල වී තිබෙන අඳුරු ශාපයකට මුහුණ දෙන ආකාරය දැකගන්න පුළුවන්. අකීවා ගෝල්ඩ්ස්මන් ඇතුළු පිරිසක් විසින් තිර රචනය කරන ලද මෙම චිත්රපටය, රසිකයන්ට නැවතත් මැජික් ලෝකයක අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි. කෙසේ වෙතත්, තුන්වන කොටසක් පිළිබඳව තීරණය වනු ඇත්තේ දෙවන කොටසේ සාර්ථකත්වය මත බවයි සැන්ඩ්රා බුලොක් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback