සැම්සුන්ග් සමාගම තමන්ගේ ස්මාර්ට් ටීවී පද්ධතිය වන ‘සැම්සුන්ග් ටීවී ප්ලස්’ (Samsung TV Plus) හරහා ලොව පුරා සිටින ජනප්රිය අන්තර්ජාල නිර්මාණකරුවන්ගේ වැඩසටහන් විකාශය කිරීමට විශේෂ ගිවිසුම් කිහිපයකට එළඹ තිබෙනවා. මේ හරහා ප්රේක්ෂකයන්ට කිසිදු මුදලක් ගෙවීමකින් තොරව උසස් තත්ත්වයේ වැඩසටහන් රැසක් නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. එක්සත් රාජධානියේදී ෆියර්න් කෝටන්ගේ ‘හැපි ප්ලේස්’ (Happy Place) ඇතුළු නාලිකා කිහිපයක් දියත් කිරීමට නියමිත අතර, ඕස්ට්රේලියාව සහ ආසියානු කලාපය සඳහා ප්රසිද්ධ සූපවේදී ලූක් න්ගුයෙන්ගේ වැඩසටහන් ඇතුළත් නාලිකාවක් ද හඳුන්වා දෙනවා.
එමෙන්ම, බ්රසීලය සහ මෙක්සිකෝව වැනි රටවල් ඉලක්ක කරමින් හිටපු නාසා විද්යාඥයෙකු වන මාර්ක් රොබර්ගේ වැඩසටහන් ද දේශීය භාෂාවලින් හඬකවා විකාශය කිරීමට සැම්සුන්ග් පියවර ගෙන තිබෙනවා. දැනටමත් ධර් මෑන් සහ මිෂෙල් ඛාර් වැනි ජනප්රිය නිර්මාණකරුවන්ගේ වැඩසටහන් මෙම වේදිකාවේ තිබෙන අතර, මෙම නව පියවරත් සමඟ නිර්මාණකරුවන්ගේ ලෝකය තවදුරටත් පුළුල් වන බවයි සැම්සුන්ග් සමාගමේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු වන සාලෙක් බ්රොඩ්ස්කි පවසන්නේ. අන්තර්ජාල නිර්මාණකරුවන්ගේ දක්ෂතා ලොව පුරා සිටින මිලියන ගණනක් ප්රේක්ෂකයන් වෙත ගෙන යාමට මෙය කදිම අවස්ථාවක් බවත්, අනාගතයේදී තවත් බොහෝ නව වැඩසටහන් මෙම වේදිකාවට එකතු වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback