සම්පත් බැංකුවේ තිරසාර අංශයේ ප්‍රධානී නුවන් පතිරණ මහතා පසුගියදා පැවති ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරික විද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවයේදී ‘වගකීම් සහගත ව්‍යාපාරික නායකත්ව සම්මානයෙන්’ පිදුම් ලැබුවා. ‘දැනුමෙන් ඔපවත් වූ’ යන තේමාව යටතේ පැවති මෙම උත්සවයේදී ඔහුට මෙම ගෞරවනීය සම්මානය හිමිවුණේ ව්‍යාපාරික සාර්ථකත්වය පමණක් නොව, සමාජයට සහ පරිසරයට ඔහු ලබාදෙන සුවිශේෂී දායකත්වය අගය කරමින්. බෙඩ්ෆෝර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන් සිය ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (MBA) සම්පූර්ණ කළ ඔහු, ව්‍යාපාරික ලෝකයේ වගකීම් සහගත භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට විශාල කැපවීමක් කරන කෙනෙක්.
වසර විසිපහකට ආසන්න කාලයක් සම්පත් බැංකුව සමඟ එක්ව කටයුතු කරන නුවන් පතිරණ මහතා, ව්‍යාපාරික විශ්ලේෂණය, ආයතනික සමාජ වගකීම් සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්රවල විශාල අත්දැකීම් සම්භාරයක් ලබාගෙන තියෙනවා. ආයතනික මට්ටමින් පරිසර හිතකාමී සහ සමාජීය අවදානම් කළමනාකරණය කරමින්, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට ඔහු දක්වන දක්ෂතාවය මෙම සම්මානයෙන් මනාව පැහැදිලි වෙනවා. ව්‍යාපාරික නායකත්වයක් දරන අතරම සමාජීය වගකීමක් සහිතව කටයුතු කිරීමේ වැදගත්කම ඔහු සිය වෘත්තීය ජීවිතය තුළින් ලෝකයටම පෙන්වා දී තිබෙනවා. ඔහුගේ මෙම ජයග්‍රහණය ඉදිරියේදී තවත් බොහෝ දෙනෙකුට ආදර්ශයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback