ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිව ඝාතනය කිරීමට උත්සාහ කළ හාඩි මටාර් නමැති පුද්ගලයාට එරෙහිව තවත් බරපතළ චෝදනා කිහිපයක්ම නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේදී ඔප්පු වී තිබෙනවා. මීට පෙර ඔහුට වසර 25ක සිරදඬුවමක් නියම වී තිබුණත්, මේ වන විට ඔහු හිස්බුල්ලා වැනි ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහය ලබා දීම සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති බවයි වාර්තා වෙන්නේ. 1989 වසරේදී රුෂ්ඩි ඉලක්ක කර නිකුත් කළ ආගමික නියෝගයක් (ෆට්වා) මත පදනම්ව ඔහු මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව පැමිණිල්ල විසින් අධිකරණයේදී පෙන්වා දුන්නා.
අධිකරණයේදී සාක්ෂි ලබා දුන් සල්මන් රුෂ්ඩි, තමන්ට එල්ල වූ එම ම්ලේච්ඡ ප්‍රහාරය ගැන ඉතා සංවේදීව විස්තර කළා. පිහි ඇනුම් 15කට ලක්වූ තමන් රුධිර විලක් මැද වැටී සිටි අයුරුත්, එම ප්‍රහාරය නිසා තමන්ගේ ඇසකට බරපතළ හානි සිදුවී අර්ධ වශයෙන් පෙනීම අහිමි වූ අයුරුත් ඔහු සිහිපත් කළා. කෙසේ වෙතත්, තමන් ලියූ පොතක් නිසා මෙම ප්‍රහාරය එල්ල වූ බව පැවසූවත්, තමන්ගේ පොත නොව අපරාධකරුගේ ක්‍රියාවයි මෙහිදී විභාගයට ලක්වන්නේ යැයි ඔහු අවධාරණය කළා. මේ වන විටත් සිරදඬුවම් විඳින මටාර්ට මෙම නව තීන්දුවත් සමඟ ජීවිතාන්තය දක්වා සිරගත වීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Discussion & Feedback