ප්‍රවීණ හොලිවුඩ් නිළි සැලි ෆීල්ඩ් මෙවර එමී සම්මාන උළෙලේදී ‘Remarkably Bright Creatures’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ බොහෝ දෙනෙක් පුදුමයට පත් කරමින්. සම්මානය ලබාගැනීමට වේදිකාවට ගිය ඇය, “මේ වගේ දෙයක් වෙයි කියලා මම හිතුවේවත් නැහැ” යැයි පවසමින් සිය විස්මය පළ කළා. වයස අවුරුදු 79ක් වන ඇය, මෙම කාණ්ඩයෙන් සම්මානයක් දිනාගත් වයස්ගතම නිළිය ලෙසද ඉතිහාසයට එක් වුණා. තමන්ට මෙම චරිතය ලැබුණු ආකාරය ගැන සිහිපත් කළ ඇය, තමාගේ පුත් පීටර් ක්‍රේග්ට සහ චිත්‍රපටයේ අනෙකුත් පිරිසට විශේෂ ස්තූතියක් පුද කළා.
මෙම චිත්‍රපටයේ ඇය රඟපාන්නේ මින්මැදුරක පිරිසිදු කරන්නියක් ලෙස වැඩ කරන තෝවා නම් වැන්දඹු කාන්තාවකගේ චරිතයයි. එහිදී ඇය මාර්සෙලස් නම් දැවැන්ත ඔක්ටපස් මත්ස්‍යයෙකු සමඟ ඇති කරගන්නා අපූරු මිත්‍රත්වය සහ තරුණ සංගීතඥයෙකු සමඟ ගොඩනැගෙන බැඳීම ඉතා සංවේදීව නිරූපණය වෙනවා. තමන් සමඟ රඟපෑ ලුවිස් පුල්මන්ගේ දක්ෂතාවය ගැනත් ඇය මෙහිදී අගය කළා. “කලාව කියන්නේ අපිට ගොඩක් වැදගත් දෙයක්. අපේ හඬ, අපේ විවිධත්වය සහ අපේ කතාන්දර කවදාවත් යටපත් වෙන්න දෙන්න හොඳ නැහැ” යැයි ඇය කලා ප්‍රජාව අමතමින් ඉතා බලගතු පණිවිඩයක් ලබා දුන්නා. වසර 62ක කලා දිවියක් සපිරූ සැලි ෆීල්ඩ්ගේ මෙම ජයග්‍රහණය බොහෝ රසිකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

Discussion & Feedback