තිස්සමහාරාමය පැවති ගොවි හමුවකදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ නවතම තීරණ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළා. විශේෂයෙන්ම පාන් පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළ දැමීම නිසා සාමාන්‍ය ජනතාවගේ ජීවන බර තවත් දරාගත නොහැකි මට්ටමකට පත්වන බව ඔහු පෙන්වා දෙනවා. මේ නිසා පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමෙන් පවුල්වල ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන පරිදි රුපියල් 17,315ක මුදලකින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා.
එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගෙන් 30%ත් 40%ත් අතර ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, ඔවුන් වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් රජයට නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව ප්‍රකාශ කළ ඔහු, රජයට සැබෑ ජනමතය දැනගැනීමට අවශ්‍ය නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අභියෝග කළා. රටේ ආයෝජන අවස්ථා සහ සංචාරක කර්මාන්තය නංවාලීමට නිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය වහාම පියවර ගත යුතු බවත් ඔහු අවධාරණය කර සිටියා.

Discussion & Feedback