එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්චේ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සහ ඇතැම් මාධ්‍යවල පළවූ නොමඟ යවන සුළු වාර්තා හේතුවෙන්, එම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ප්‍රසිද්ධ කිරීමට විපක්ෂ නායකවරයා පියවර ගෙන තිබෙනවා. පසුගිය දිනවල සිවිල් සමාජ නියෝජිතයන් සමඟ පැවති හමුවකදී ෆ්‍රාන්චේ මහතා කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවී තිබූ අතර, ඒ පිළිබඳව සත්‍ය තත්ත්වය ජනතාවට අවබෝධ කර දීම සඳහා මෙම පියවර ගත් බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. විනිවිදභාවය සහ වගවීම වෙනුවෙන් තමන් මෙම සම්පූර්ණ වීඩියෝව සහ එහි සිංහල පරිවර්තනය ජනතාවට නිරීක්ෂණය කිරීම සඳහා නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මීට පෙර අන්තර්ජාලයේ සැරිසැරූ වීඩියෝවක, ෆ්‍රාන්චේ මහතා විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන පද්ධතිය සහ සිවිල් සමාජය අතර පවතින දුරස්ථභාවය පිළිබඳව විවේචනාත්මක අදහස් දක්වා තිබුණා. විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත වැනි නීති සම්පාදනය කිරීමේදී මන්ත්‍රීවරුන්ගේ වගකීම් විරහිතභාවය පිළිබඳව ඔහු එහිදී කරුණු මතු කර තිබුණා. කෙසේ වෙතත්, මෙම සිදුවීම් සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ලබාදීම නිසා ජනතාව නොමඟ යා හැකි බව වටහා ගත් විපක්ෂ නායකවරයා, පසුගිය සැප්තැම්බර් 03 වන දින පැවති මිනිත්තු 41ක එම සම්පූර්ණ සාකච්ඡාවම දැන් ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ පිළිබඳව තමන්ගේම නිගමනයකට එළඹීමේ අවස්ථාව දැන් ජනතාවට හිමිව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

Discussion & Feedback